SKIP TO MAIN CONTENT

2021 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ පිරිමි සහ කාන්තා ශූරතා Djokovic ට සහ Osaka ට

Djokovic and Osaka win men's and women's titles at the 2021 Australian Open
Osaka ikinci, Djokovic ise dokuzuncu kez Avustralya Açık'ı kazandı. Source: AAP Image/Dean Lewins/ Sydney Low/CSM/Sipa USA

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ලොව අංක එකේ ටෙනිස් ශූරයා වන සර්බියාවේ Novak Djokovic 2021 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ ඒකල පිරිමි ශූරතාවය දිනාගැනීමට ඊයේ (21/02) සමත් විය.

ඊයේ පැවති ඒකල පිරිමි අවසන් තරගයෙන් රුසියාවේ Daniil Medvedev ව 7-5 6-2 6-2 ලෙස පරාජයට පත් කරමින් Djokovic 2021 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ ටෙනිස් ශූරයා බවට පත්විය.

ඒ අනුව මෙවර ඔහු තම 9 වන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව ලබාගත්තේය.

මේ අතර 2021 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ කාන්තා ඒකල අවසන් මහා තරගය ජය ගැනීමට ජපානයේ Naomi Osaka සමත් වූ අතර ඇය ලබාගත් දෙවැනි ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව ලෙස එය සටහන් වේ.

මෙවර තරගාවලිය ආරම්භයේදී ටෙනිස් ක්‍රීඩකයින් ට පැනවූ නිරෝධායන නීති විවේචනය කිරීම සම්බන්ධයෙන් Novak Djokovic ව දැඩි කතාබහකට ලක්වූ නමුත් පසුව ඊට තමන් අනුගත වූ බව ජයග්‍රහණයෙන් පසුව ඔහු ප්‍රකාශ කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now