SKIP TO MAIN CONTENT

අපිත් ඉන්දියාවේ තත්ත්වයට පත්විය යුතු නැහැ. “හූ” කියන්නට අවශ්‍යම නම් ක්‍රිකට් පරිපාලනයට “හූ”කියන්න. : අර්ජුන.

Do not behave like Indian spectators: Arjuna
Source: Daily Mirror

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

ඉකුත් අගෝස්තු 27 වන දින පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගගනයේ දී පැවැත්වුණු ඉන්දු - ශ්‍රී ලංකා තුන්වන එක් දින තරගයේ ඉන්දීය ඉනිම ක්‍රියාත්මක වෙමින් තිබියදී ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් ගේ කලහකාරී හැසිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සහ වත්මන් ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අදහස් දක්වා තිබේ.

එවැනි අන්දමේ සිදුවීම් ශ්‍රී ලංකාවට අනුචිත බවත් තරඟ පරදින විට අපට දුක හිතෙන නමුත් අප ඉන්දියාවේ තත්ත්වයට පැමිණිය යුතු නැති බවත් අමාත්‍යවරයා පැවසීය.

ක‍්‍රිකට් ජය ගත්තත් පරාජය වුවත් හිනැහී පිළිගන්නට අපට හැකිවිය යුතු යැයි ද සංස්කෘතියක් ඉතිහාසයක් ඇති රටක් වූ අපි ක‍්‍රීඩකයින්ගේ මානසිකත්වය ගැන නිරන්තර සිතිය යුතු යැයි ද රණතුංග මහතා සඳහන් කළේය. 

කී‍්‍රඩකයින්ට හූ කියන්නට එපා යැයි ජනතාවගෙන් ආදරයෙන් ඉල්ලා සිටින බව කී අමාත්‍යවරයා හූ කියන්නට අවශ්‍යම නම් පරිපාලනයට හූ කියන්නැයි ඉල්ලා සිටින බව ද කියා සිටියේය. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now