Newstart Allowance යනු කුමක්ද ?

Newstart allowance යනුවෙන් හැඳින්වෙන්නේ රැකියාවක් සොයමින් සිටින , වැඩ කල හැකි වයසේ අයෙකුට ලබා දෙන දීමනා . මෙහිදී ඔබ රැකියා ඒජන්සියක් වෙත යාම ද කල යුතුයි. එසේම පහත ලින්ක් එකෙන් දැක්වෙන යුතුකම් ද ඉටු කල යුතුයි.
mutual obligation requirements.
කෙතරම් කාලයක් බලා සිටීමට සිදු වේද ?

Newstart allowance සඳහා ඔබ ඉල්ලුම් කර සති 2ක් - මාස 2ක් අතර කාලයක් බලා සිටීමට සිදුවේ එය Centrelink ආයතනය මත තීරණය වේ.
කොපමණ මුදලක් ලබා ගත හැකි වේද ?

ඔබ රැකියාවක් කලත්, එනම් සතියකට එක වැඩ මුරයක් පමණක් සේවය කරයි නම් සති දෙකකට වරක් ඩොලර් 104ක් දක්වා ඔබට ලබා ගත හැකියි. ඔබ සති 2කට $104 - $254 අතර ආදායමක් ලබයි නම් ඔබ උපයන ඩොලරයකටම ශත 50ක් බැගින් දීමනාව අඩු වේ. එසේම ඔබ $254 ට වඩා උපයයි නම් ඩොලර් 75ක් හා ඔබ උපයන ඩොලරයකට ශත 60 බැගින් අඩුවේ
මෙය ලබා ගැනීමට සුදුසුකම්

වසර 2ට වැඩි කාලයක් ඕස්ට්‍රේලියාවේ වාසය කල පුරවැසියන් ට මෙය හිමිවේ . ඔබ පහත ලින්ක් වල ඇති අවශ්‍යතා සම්පුර්ණ කල යුතුයි. පහත ලින්ක් වෙතින් විස්තර දැනගන්න
Mutual Obligation Requirements.
Work for the Dole යනු කුමක්ද ?

මෙමගින් ඔබ රැකියා පුහුණුව ලබා සමාජයට යම් මෙහෙවරක් කල යුතුයි Work for the Dole හි වසරෙන් මාස් 6ක් කටයුතු කර පහත ලින්ක් එකේ ඇති අවශ්‍යතා සම්පුර්ණ කර එම දීමනා ලබා ගත හැකියි.
Mutual Obligation Requirements.
එම අවශ්‍යතා සම්පුර්ණ කල නොහැකි විටදී ?

එවිට Newstart දීමනාව නැවතුනත් , නැවත රැකියා ඒජන්සි සහය ලබා ගත විට ඔබට එය ලබා ගත හැකියි
අවුරුදු 16-21 අතර තරුණයින්ට Youth Allowance ද, වයස 16ත් විශ්‍රාම වයසත් අතර ආභාධ සහිත පුද්ගලයන්ට Disability Support Pension ද ඔවුන්ට රැකියා කල නොහැකි නම් ලබා ගත හැකියි
ඔබේ භාෂාවෙන් කරුණු දැන ගැනීමට උදේ 8 සිට සවස 5 තෙක් දෙපාර්තමේන්තුවේ 131 202 අංකය අමතන්න


