ස්ථිර සංක්‍රමණික වැඩසටහන යටතේ ඔබට ඔස්ට්‍රේලියාවට පැමිණීමට හැකියාව ඇත. මෙන්න SBS සිංහල වෙතින් ඒ සඳහා අත්වැලක්.

Permanent migration program

Source: www.thaivisa.com.au

ස්ථිර සංක්‍රමණික වැඩසටහන

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ඉල්ලුම් කිරීමට ඔබට විවිධ වීසා ඛාණ්ඩ හරහා හැකියාව පවතියි. 2015-16 කාලය අතර රජය විසින් 190,000 කට ඔස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය ලබාදුන් බව සඳහන්.

එම ගණන අතුරින් 128,500ක් දෙනා ස්ථිර පදිංචිය සඳහා සෘජුව අයදුම් කළ අය වන අතර 57,400ක් පවුලේ සාමාජිකයන් වන අතර සෙසු පිරිස ඔස්ට්‍රේලියාවත් සමග තවමත් කිට්ටු සම්බන්ධතාවක් පවත්වාගෙන යන අය ලෙස සැලකේ.

ප්‍රාදේශීය අනුග්‍රාහික සංක්‍රමණික පටි පාටිය යටතේ ඔවුන් හට අනුග්‍රහකත්වයක් ලබා ගැනීමට හැකි අතර විශ්ෂිත වූ ප්‍රාදේශීය කලාපයක වසර 2ක් ජීවත් විය යුතු මෙන්ම එහිදී අවම වශයනේ වසරක කාලයක් එම කලාපයේ සේවය කළ යුතුය.

සුදුසුකම් ලැබූ අයදුම්කරුගේ පවුලේ උදවියට අනුග්‍රාහකත්වයක් ලබා දිය හැකි අතර ඔවුන් හට තම අයදුම්කරු සමග එම ප්‍රාදේශීය කලාප වලට එකතු විය හැකිය.

දරුවන් ඇතුළු දෙවෙනි අයදුම්කරුවන් පිළිබඳවද මෙම අයදුම්පතින් ආවරණය වේ.

Family stream සහ the business skills stream, හරහාද ඔබට ඔස්ට්‍රෙලියාවී ස්ථිර පදිංචිය සඳහා අයදුම් කළ හැකි බව ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ සංක්‍රමණික නීතිය පිළිබඳ Marianne Dickie SBS පුවත් සේවයට පැවසීය.

ස්ථිර පදිංචිය සඳහා අයදුම් කරනු ලබන වීසා ඛාණ්ඩ අනුව එය අනුමත වීමට යන කාලය වෙනස් වන අතර පවුලේ උදවියගේ ක්‍රියාවලියට වැඩිම කාලයක් ගතවන බවද ඇය පැවසුවාය.

වීසා ඛාණ්ඩ අතරින් හිමි කරගැනීමට ඉතා අසීරුම වීසා වර්ගය දෙමාපිය වීසා වන අතර දාරක වීසා ලබාගැනීම දෙමාපිය වීසා තරම්ම අපහසු නොවේ. මේ වන විට දෙමාපිය වීසා සඳහා ඩොලර් 6000ක් පමණ වැය වන බවද Marianne Dickie පැවසුවාය.

සහකාර වීසා වර්ගය වසර දෙකක කොන්දේසි කාලයකට යටත් වන අතර එම වසර දෙකින් අනතුරුව අදාළ යුවළගේ සම්බන්ධතාව තව දුරටත් පවතිනවාද යන්න පිළිබඳ තහවුරු කර ස්ථිර පදිංචිය ලබා දෙයි.

පවුලේ අනෙක් උදවියගේ වීසා සඳහා අඩු ප්‍රමුඛතාවක් ලැබෙන අතර එය හිමි වීමට වසර දෙක තුනක් ගතවේ. Carers visas සඳහා  ඊටත් වඩා කාලයක් ගතවන බව ඇය පැවසුවාය.


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service