සෞඛ්‍ය ඇමැති රාජිතගේ නියෝගයෙන් බන්ධනාගාර රෝහලේ සියළුම වෛද්‍යවරුන් ඉවතට.

press conference held at the Health Ministry.

press conference held at the Health Ministry. Source: News Sri Lanka

බන්ධනාගාර රෝහලේ සියළුම වෛද්‍යවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අමල් හර්ෂ ද සිල්වා මහතාට දැනුම් දී ඇත.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ආයතන ප්‍රධානීන්ගේ රැස්වීම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති අතර, එහිදී මෙම නියෝගය ලබා දෙන ලදි.

විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවන දේශපාලනඥයින් බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමට එම රෝහලේ වෛද්‍යවරයෙකුගේ සහයෝගය ලැඛෙන බවට මීට පෙර සිටම චෝදනා නැගී තිබිණ. එම චෝදනා මත එම වෛද්‍යවරයාට ස්ථාන මාරුවීම් ලබා දී ඇතත්, අදාල වෛද්‍යවරයා තවමත් බන්ධනාගාර රෝහලේ සේවය කරන බව ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමෙි දී කරුණු අනාවරණය විය. ඒ හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම තීරණය ගත් අතර, බන්ධනාගාර රෝහලට වෙනත් වෛද්‍යවරුන් යොමු කරන ලෙස ද නියෝග කෙරුනි.

ස්ථාන මාරුවීම් ලබා දී තිබුනද එය සැළකිල්ලට නොගත් වෛද්‍යවරයාට විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) අමල් හර්ෂ ද සිල්වා මහතාට දැනුම් දී තිබේ.


Share

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: News Sri Lanka



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now