SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ My Health Record වල ගබඩා කර ඇති ඔබගේ වෛද්‍ය දත්ත වල රහස්‍ය භාවය ගැන ඔබට විශ්වාසද?

health record
Source: SBS

2 min read

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS News



Skip to article content

ඕස්ට්‍රේලියාව තුල පුද්ගලික වෛද්‍ය වාර්තා වල රහස්‍ය භාවය සුරක්ෂිත කිරීමට කටයුතු යෙදිය යුතු බවත් ඩිජිටල් තාක්ෂනය ඔස්සේ ගබඩා කෙරෙන රෝගීන්ගේ තොරතුරු පොලිසිය ආදී වෙනත් පාර්ශව වලට ලබාදීමේදී අදාල වන නීති සංශෝධනය සදහා අවධානය යොමු විය යුතු බවත් වෛද්‍ය වරුන් පෙන්වා දී තිබේ.

රජයේ My Health Record අන්තර්ජාලය ආශ්‍රිත තොරතුරු ගබඩා කරන ක්‍රමවේදයේ ඇති තොරතුරු වල පුද්ගලිකත්වයට හානි සිදු වී ඇති බවට පසුගියදා තොරතුරු වාර්තා වූ අතර, අදාල ගැටලුවට විසදුම් සොයන තුරු එම වැඩසටහන නැවත දමන ලෙස කම්කරු පක්ෂ නායක Bill Shorten රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

තම පුද්ගලික තොරතුරු වල රහස්‍ය භාවය සුරැකීම සදහා දැනට රෝගීන්ට ඇති අයිතීන්, එලෙසම පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගැනීමට තම ආයතනය හැකි සෑම උත්සාහයක්ම ගන්නා බව ඕස්ට්‍රේලියානු  වෛද්‍ය සංගමයේ ප්‍රධානී Tony Bartone සදහන් කරයි. තමන් මේ කාරණය පිලිබදව විෂය භාර අමාත්‍ය වරයා සමග සාකච්චා කිරීමට බලාපොරොත්තු වන බවත් Bartone මහතා පසුගියදා ප්‍රකාශ කළේය. රජයේ My Health Record ක්‍රමවේදයේ ඇති ගැටළු නිසාවෙන් බොහෝ දෙනෙක් එයින් ඉවත් වීමට තීරණය කර ඇති අතර, එහි ඇති දත්ත පොලිසියට වරෙන්තුවකින් තොරව ලබාගැනීමේ හැකියාව ඇති බවද වැඩි දුරටත් වාර්තා වෙයි.

නමුත් මේ පිලිබදව අදහස් දක්වන  සෞඛ්‍යය ඇමති Greg Hunt පවසන්නේ අදාල Digital Health ආයතනයේ ප්‍රතිපත්තියට  සාමාන්‍ය නීතියට ඉහලින් ක්‍රියා කල නොහැකි බවයි.  ඒ නිසා අධිකරණ නියෝගයක් නොමැතිව අදාල පුද්ගලික තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබාදීමක් සිදු නොවන බව ඔහු වැඩි දුරටත් අවධාරණය කරයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now