SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව නිවාඩු සහ කාන්තාවන්ගේ වැටුප් විෂමතාවය තවමත් අර්බුදකාරී තත්ත්වයක. (SBS සිංහල/වාර්තා)

සේවා ස්ථාන වලින් අඩකම පිරිමින්ට වඩා කාන්තාවන් තවමත් වසරකට ඩොලර් 27,000ක මුදලක් අඩුවෙන් උපයන බව එම ලකුණු පත මගින් අනාවරණය කර තිබේ.

Business colleagues working on project in office
Source: Hero Images

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන පුද්ගලයන් සඳහා ලබාදෙන නිවාඩු, ඔස්ට්‍රේලියානු ව්‍යාපාර විසින් නවත්වා තිබෙන බව වාර්තා වේ. මෙරට ක්‍රියාත්මක වන සේවා ස්ථාන වලින් අඩකට පමණ ඒ සඳහා නිසි ප්‍රතිපත්ති නොමැති බවද සඳහන්.

Workplace Gender Equality Agency හෙවත් WGEA ආයතනය විසින් පසුගිය බදාදා (15/11) නිකුත් කළ නවතම gender equality ලකුණු පතට අනුව 2015 – 16 කාලය තුළ සමීක්ෂණයට බඳුන්වූ සංවිධාන 4697න් 52.6%ක්  ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන්විට ලබාදෙන ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව නිවාඩු ලබා දෙන බව පෙනී ගොස් තිබේ.

ඊට පෙර වසරේදී එම අගය 52.4%ක් වූ අතර 2014 වසරේදී 48.6%ක් විය.

මීට අමතරව ඒ සඳහා විධිමත් ප්‍රත්පත්ති හෝ ක්‍රමෝපායන් සහිතව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන පුද්ගලයන් හට සහය වීමට ඉදිරිපත්වන ව්‍යාපාර ප්‍රමාණය 34.9% සිට 39.3% දක්වා වර්ධනය වී තිබේ.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව නිවාඩු ලබා දීමට ව්‍යාපාර අනුගත කිරීමට අවශ්‍ය බව පැවසීමෙන් ඔවුන් කාන්තාවන් සේවයට අනියුක්ත කිරීමට පසුබට වීමක් වනු ඇතැයි රැකියා කටයුතු පිළිබඳ අමාත්‍යවරිය වන Michaelia Cash ඉකුත් මැයි මාසයේ ප්‍රකාශ කළාය.

WGEA ආයතනය මෙවර තම ලකුණු පත නිර්මාණය කිරීමේදී සුපුරුදු ක්‍රමවේදය වෙනස් කළ අතර එහිදී ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ බොහෝ විස්තරාත්මක ප්‍රශ්න අසා ඇත.

ඔස්ට්‍රේලියානු සේවා ස්ථාන වල ප්‍රත්පත්ති පිළිබඳ අවබෝධ කරගත හැකි ප්‍රථම චිත්‍රය මෙම වසරේ වාර්තාවෙන් ලැබී ඇතැයි පැවසේ.

නමුත් ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව නිවාඩු වලට අදාළ ප්‍රවනතාවන් පිළිබඳ විස්තර හේතුවෙන් එය ලබන වසර වන තෙක් නොමැති වේ යැයි පැවසේ.

මෙවැනි ආකාරයේ නිවාඩු සහ සාමන්‍ය පුද්ගලික නිවාඩු අතර වෙනස ඉතා වැදගත් බව Domestic Violence Victoria හි ප්‍රධාන විධායක නිලධාරිනි Fiona McCormack පැවසීය. Domestic Violence Victoria ආයතනය මෙවැනි ගැටළු වලට දැන් සහය දක්වන බවද ඇය පැවසීය. මීට පෙර Fair Work කොමිසම විසින් සියලු රැකියා ඛාණ්ඩ සඳහා පවුල් ප්‍රචණ්ඩත්ව නිවාඩු යටතේ වැටුප් සහිත දින 10ක නිවාඩු ලබාදීම හඳුන්වා දීමට සූදානම් විය.

ජාතික සේවායෝජක තත්වයන්ට අනුව ගෘහස්ථ හා පවුල් ප්‍රචණ්ඩත්ව නිවාඩු ක්‍රියාත්මක කිරීමට කම්කරු පක්ෂය යළි ප්‍රතිඥා දෙන බව කම්කරු පක්ෂයේ රැකියා කටයුතු පිළිබඳ නියෝජිත Brendan O’Connor, SBS මාධ්‍ය ජාලය අමතා පැවසීය. මෙම තත්ත්වයන් අවම අවශ්‍යතාවන් සියලුම ඕස්ට්‍රේලියානු සේවකයන් සඳහා නියම කරනු ඇත.

සේවා ස්ථාන වලින් අඩකම පිරිමින්ට වඩා කාන්තාවන් තවමත් වසරකට ඩොලර් 27,000ක මුදලක් අඩුවෙන් උපයන බව එම ලකුණු පත මගින් අනාවරණය කර තිබේ.

ඉහල කළමනාකරණ මට්ටමේදී වැටුප් විෂමතාව ඩොලර් 93,000 කටත් වඩා ඉහළ බව වාර්තා වේ. නවතම වාර්තාවට අනුව ඕස්ට්‍රේලියාවේ සෑම ප්‍රධාන විධායක නිලධාරීන් පස් දෙනෙකුගෙන් සිව් දෙනෙකුම පිරිමින් බව හෙළිවී තිබේ. මීට අමතරව සියලු කළමනාකරණ තනතුරු වලින් කාන්තා නියෝජනය 37.4%ක් බවද පෙනී ගොස් තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now