SKIP TO MAIN CONTENT

ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහි දෝෂාභියෝගයේ සාක්ෂි විමසීම රුපවාහිනී මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට පියවර

Donald Trump impeachment
Source: AP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහිව ඉදිරිපත්කොට ඇති දෝෂාභියෝගයේ සාක්ෂි විමසීම රුපවාහිනී මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට කටයුතු සැලසීමත් සමඟ ඒ පිළිබඳව ඇති ජනතා උනන්දුව සීග්‍ර ලෙසට ඉහල ගොස් ඇති වාර්තාවේ.

අමෙරිකාවේ හිටපු උප ජනාධිපති ජෝ බයිඩින්ගේ පුත්‍රයාට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා යුක්‍රේන ජනාධිපතිවරයාට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා එල්ල වේ.

ඇමරිකාවේ නීතියට අනුව ඇමරිකානු පුරවැසියෙකු විදේශ රටකට පාවාදීම ජාතිද්‍රෝහී ක්‍රියාවක් වේ.

එම කරුණ මුලික කොට ගෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට විරුද්ධ පක්ෂය වන ඩෙමොක්‍රටික් පක්ෂය ක්‍රියා කරනු ලැබිය.

එහිදී රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් තිදෙනෙක් රුපවාහිනී තිරය ඉදිරියේදී පළමු සාක්‍ෂි ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මිට පෙර ඇමරිකානු ජනාධිපතිවරයෙකුට එරෙහිව රුපවාහිනී තිරය ඉදිරියේදී දෝෂාභියෝග නඩු විභාගයක් පැවැත්වූයේ වසර 20 කට පෙර හිටපු ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති බිල් ක්ලින්ටන්ට එරෙහිව බව වාර්තා වේ.

එම දෝෂාභියෝගය ගොනුකරනු ලැබුවේ දැනට බලයේ සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන පක්ෂය වන රිපබ්ලිකන් පක්ෂය වීමද විශේෂත්වයකි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now