ධවල මන්දිරය ජයගත් Donald Trump ලෝ ප්‍රකට Madame Tussauds ඉටි රුවක් බවට පත් වෙයි. (SBS සිංහල/වාර්තා)

මෙම ඉටි රූප අදාළ කෞතුකාගාර වල නිල වශයෙන් නිරාවරණය කෙරෙන්නේ 2017 වසරේ ජනවාරි 20 වන දින එනම් ඇමෙරිකා එක්සත් ජනපදයේ 45 වන ජනාධිපතිවරයා ලෙස Donald Trump නිල වශයෙන් දිවුරුම් දී වැඩ බාරගන්නා දිනයේදී බව Madame Tussauds කෞතුකාගාර බලධාරීන් ප්‍රකාශ කර ඇත.

Sophie Crudgington inserts hairs onto an unfinished wax figure of Trump. The finished product will be seen at Tussauds locations in London, New York, Washington, and Orlando  Read more: http://www.dailymail.co.uk/news/article-3921662/A-tribute-fit-preside

Sophie Crudgington inserts hairs onto an unfinished wax figure of Trump. The finished product will be seen at Tussauds locations in London, New York, Washington Source: Press Association

පසුගිය සතියේ ලොවම හෙල්ලූ ඇමෙරිකාවේ නව ජනාධිපති Donald Trump ලෝ ප්‍රකට Madame Tussauds කෞතුකාගාරයට ඇතුළත් වීමට වරම් ලබා ඇති බව වාර්තා වේ.

ලන්ඩන් නුවර පදනම් කරගත් ලොව ප්‍රකට ඉටි රූ කෞතුකාගාරය වන Madame Tussauds කෞතුකාගාරය ඇමෙරිකාවේ 45 වන ජනාධිපති ලෙස පත්වූ Donald Trump ගේ ඉටිරුවක් තැනීම ආරම්භ කළ බව නිල වශයෙන් පසුගිය බදාදා ප්‍රකාශයට පත් කළේය.

Madame Tussauds sculptor David Gardner works on an unfinished wax figure of Trump at the museum's west London studio in this photo released on Wednesday
Madame Tussauds sculptor David Gardner works on an unfinished wax figure of Trump at the museum's west London studio in this photo released on Wednesday Source: Press Association

මෙසේ නිමවෙන Donald Trump ගේ ඉටි රූ  ලන්ඩන්, ඕලන්ඩෝ, වොෂින්ටන් සහ නිව් යෝක් නගරයන්හි Madame Tussauds කෞතුකාගාර වල තැන්පත් කෙරෙනු ඇත.

මෙම ඉටි රූප අදාළ කෞතුකාගාර වල නිල වශයෙන් නිරාවරණය කෙරෙන්නේ 2017 වසරේ ජනවාරි 20 වන දින එනම් ඇමෙරිකා එක්සත් ජනපදයේ 45 වන ජනාධිපතිවරයා ලෙස Donald Trump නිල වශයෙන් දිවුරුම් දී වැඩ බාරගන්නා දිනයේදී බව Madame Tussauds කෞතුකාගාර බලධාරීන් ප්‍රකාශ කර ඇත.

The museum, whose main headquarters are in London, said that it began to work on the Trump figure back in June  Read more: http://www.dailymail.co.uk/news/article-3921662/A-tribute-fit-president-Madame-Tussauds-set-roll-Donald-Trump-wax-figure-just-time-I
The museum, whose main headquarters are in London, said that it began to work on the Trump figure back in June Read more: http://www.dailymail.co.uk/news/artic Source: Press Association

මහද්වීප පහක්  පුරාවට Madame Tussauds කෞතුකාගාරයේ ශාඛා 17ක් තිබෙන අතර එහි නිමවන සෑම ඉටි රුවක්ම අන් ශාඛා වලට යැවීමට පෙර ලන්ඩන් නුවර ප්‍රධාන කෞතුකාගාරයේ පළමුවෙන්  ප්‍රදර්ශනය කිරීම චාරිත්‍රයකි.

Gardner takes measurements of Trump's head just before hair is applied to his scalp  Read more: http://www.dailymail.co.uk/news/article-3921662/A-tribute-fit-president-Madame-Tussauds-set-roll-Donald-Trump-wax-figure-just-time-Inauguration-Day.html#ixzz4P
Gardner takes measurements of Trump's head just before hair is applied to his scalp. Source: Press Association

Trump ගේ ප්‍රතිමාව සඳහා යොදාගන්නා අළු පැහැති මැටි හිසෙහි ඡායරූප මේ වන විට Madame Tussauds කෞතුකාගාරය විසින් එළි දක්වා තිබේ. මෙවර  ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වූ  Donald Trump සහ Hillary Clinton යන දෙදෙනාගේම ප්‍රතිමා සැදීමට Tussauds කෞතුකාගාරය පසුගිය ජුනි මාසයේ සිට වැඩ කටයුතු ආරම්භ කර ඇති බවට වාර්තා වේ.

නමුත් Donald Trump ජනාධිපතිවරණයෙන් ජය ගැනීමත් සමග ඔහුගේ ඉටි රුව එළි දැක්වීමට Madame Tussauds කෞතුකාගාරය කටයුතු කර ඇත.

All of Madame Tussauds wax figures are initially prepared in its west London studio before being shipped out to any of its 17 locations worldwide  Read more: http://www.dailymail.co.uk/news/article-3921662/A-tribute-fit-president-Madame-Tussauds-set-roll-
All of Madame Tussauds wax figures are initially prepared in its west London studio before being shipped out to any of its 17 locations worldwide. Source: Press Association

Madame Tussauds කෞතුකාගාරයේ ඉටි ප්‍රතිමා නිර්මාණය කිරීම ඉතා සියුම් වූද වෙහෙසකර වූද ක්‍රියාවකි. අදාළ චරිතයේ ඡායාරූප සහ මිනුම් සිය ගණනක් එම ප්‍රතිමාවන් ජීවමානව නිර්මාණය කිරීම සඳහා කෞතුකාගාරයේ නිර්මාණ ශිල්පීන් භාවිත කරන බවද සඳහන්.

Donald Trump ගේ ඉටි ප්‍රතිමාව ජීවමාන ස්වරුපයට ගැනීම සඳහා තීන්ත තට්ටු 20ක් පමණ ආලේප කිරීමට නිර්මාණ ශිල්පීන් අපේක්ෂා කරයි. 


2 min read

Published

Updated

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now