ඇමරිකානු නාවික හමුදා නැව් දෙකක් මගින් ටොමහෝක් කෲස් මිසයිල 59 ක් සිරියාවේ ගිනිකොණ දිග හා ඊසානදිග ප්‍රදේශවලට එල්ල කර තිබේ.
ගුවන් යානා සහ සන්නිවේදන කුළුණු ආදිය ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.
ප්‍රහාරයෙන් මේ වන විට හයදෙනෙකු මියගිය බව තහවුරුවී ඇතැයි සිරියානු හමුදාව දන්වා ඇත.
ප්‍රහාරය එල්ල කරන්නට හේතුවූ කරුණු පැහැදිලි කරමින් ඇමරිකානු ජනපතිවරයාද ප්‍රකාශයක් නිකුත් කර ඇත.
මෙම ප්‍රහාරයට ආසන්න හේතුව වන්නේ සිරියානු කැරලි කරුවන්ට එරෙහිව එරට හමුදාව පසුගිය අඟහරුවාදා එල්ල කරන ලදැයි කියන රසායනික අවි ප්‍රහාරයකි.
ලෝකය අනුමත නොකරන යුද්ධයේ රීතිවලට පටහැණි මානව හිමිකම් කඩකරන ප්‍රහාරයක් ලෙස එම අවි ප්‍රහාරය ට්‍රම්ප් ඇතුළු ලෝක නායකයින් හෙළාදැක තිබුණි.
එම ප්‍රහාරය නිසා 60 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් විය.
කෙසේවෙතත්, මෙම ප්‍රහාරය රුසියාව තරයේ හෙලා දැක ඇති අතර ඇමෙරිකාව අමු අමුවේම මානව හිමිකම් උල්ලංඝනය කරන බවට ඔවුන් පවසයි.

