SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියා - ඇමෙරිකා සරණාගත ගිවිසුම ගැන Donald Trump ගෙන් වෙනස්ම කතාවක්.

Donald Trump slams 'dumb' refugee deal
Source: ABC Australia

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: ABC Australia



Skip to article content

මානුස් හා නාවුරු දූපත් වල රඳවා සිටින ඔස්ට්‍රේලියාවට පැමිණි සරණාගතයින් ඇමෙරිකාවට බාරගැනීමේ ගිවිසුම "dumb deal" එකක් ලෙස ඇමෙරිකානු ජනාධිපති Donald Trump පවසා තිබේ.

මෙම ගිවිසුම ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ පාලන කාලයේ අවසාන සති කිහිපය තුළ ඇති කරගත්තකි.

කෙසේවෙතත්, මෙම ගිවිසුම සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති Donald Trump තම නිල ට්විටර් ගිණුමේ පහත ආකාරයේ ට්විටර් පණිවිඩයක් අද (02/02) දිනයේ තබනු ලැබීය.

Donald Trump slams 'dumb' refugee deal
Source: Twitter

මෙම ට්විටර් පණිවිඩය අද දිනයේ ලොව වඩාත්ම කතා බහට ලක්වූ ට්විටර් පණිවිඩය ලෙසද හැඳින්වේ.

එනමුත්, Trump ගේ ට්විටර් පණිවිඩයේ සටහන් වූ ආකාරයට එම සරණාගතයින්ව “නීති විරෝධී සංක්‍රමණිකයින්” ලෙස හැඳින්වීම වැරදි බව ABC පුවත් සේවය පවසා තිබේ. ඊට අමතරව ඔහුගේ ට්විටර් පණිවිඩයේ සටහන් ප්‍රමාණය දහස් ගණනක් වුවද නියම ප්‍රමාණය 1250 ක් බව ද ABC පුවත් සේවය පවසා තිබේ.

මේ අතර මෙම ගිවිසුම පිළිබඳ සාකච්ඡා කිරීමට දෙරටේ නායකයින් අතර පසුගිය සති අන්තයේ සිදු කළ දුරකථන සංවාදය තමන් සිදු කළ නීරසම දුරකථන සංවාදය බව Donald Trump, Washington Post පුවත් පතට පවසා තිබුණි.

මේ අතර ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් පවසන්නේ තමන් Donald Trump ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන බවය.

නමුත් ඔහු මෙම ගිවිසුමට එකඟ වුවා නම් එය ඒ ලෙසට විය යුතු බව ද අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now