SKIP TO MAIN CONTENT

දෙවිනුවර ප්‍ර‍දීපාගාරය හෙට සිට මහජන ප්‍ර‍දර්ශනයට.

Dondra lighthouse re-open
Source: www.panoramio.com

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

ශ්‍රී ලංකාවේ ඓතිහාසික වැදගත්කමකින් යුත් දෙවිනුවර ප්‍ර‍දීපාගාරය මහජන ප්‍ර‍දර්ශනය සඳහා විවෘත කිරීම හෙට (04/05) දිනයේදී වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පාලනය වන දෙවිනුවර ප්‍ර‍දීපාගාරය 1887 වසරේ  නිර්මාණය කරන ලද්දකි.

ශ්‍රීමත් ජේම්ස් නිකලස් ඩග්ලස් මහතා එහි පුරෝගාමියා වී ඇති අතර බ්‍රිතාන්‍ය පවුම් 30,000 ක මුදලක් ඒ සඳහා වැය වී ඇති බව වාර්තා වේ.

මහල් 07 කින් සමන්විත මෙම ප්‍ර‍දීපාගාරයෙහි උස මීටර් 49 ක් වන අතර පඩි 196 කින් සමන් විත වෙයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ස්ථාපිත ජාත්‍යන්තර ප්‍ර‍දීපාගාර හතරෙන් එකක් ලෙසද මෙය  සැලකෙයි.

2000 වසරේදී මෙම ප්‍ර‍දීපාගාරය ශ්‍රී ලංකා වරාය අධිකාරියට පැවරුණු අතර ආරක්ෂාව සහ ප්‍රවේශ මාර්ගයන්හි පැවැති ගැටළු හේතුවෙන් පසුගිය කාලයේදී එය මහජන ප්‍ර‍දර්ශනය සඳහා විවෘත නොකෙරුණි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now