ඔස්ට්‍රේලියාවේ 2021–22 මුල්‍ය වර්ෂය සඳහා වූ tax return එක හෙවත් ආදායම් බදු ප්‍රකාශ කිරීම එළඹෙන ඔක්තෝබර් 31 දක්වා සිදු කිරීමට හැකියාව ඇති බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය දන්වයි.
නමුත් තමාගේ 2021–22 tax return එක යොමු කිරීමට අවසාන දිනය තෙක් බලා නොසිටින ලෙස ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය බදු ගෙවන්නන් හට සිහිපත් කරයි.
අදාළ දිනයට පෙර තමා පුද්ගලිකව හෝ ලියා පදිංචි බදු නියෝජිතවරයෙකු හා සම්බන්ධ වී හෝ අදාළ කටයුතු සිදු කරන ලෙසට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය නිවේදනය කරයි.
සැප්තැම්බර් මස තෙක් tax return එක යොමු කළ පිරිස
2022 සැප්තැම්බර් අග වන විට මිලියන 8.3 කට අධික බදු ගෙවන්නන් ඔවුන්ගේ 2021–22 බදු වාර්තාව ගොනු කර ඇති බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ දත්ත පෙන්වා දෙයි.
පසුගිය වසරේදී, ඔක්තෝබර් 31 වන විට මිලියන 9.6 කට වැඩි පිරිසක් ඔවුන්ගේ 2020-21 බදු වාර්තාව ඉදිරිපත් කර තිබුණි.
තමන්ගේ වාර්ෂික ආදායම් බදු වාර්තාව යොමු කිරීමට විකල්ප ගණනාවක් පවතින බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස් Tim Loh පවසයි.
“සරල ආදායම් බදු ඇති පුද්ගලයින්ට අප විසින් නොමිලේ සපයන myTax සේවාව හරහා විනාඩි 30කට අඩු කාලයකින් තමන්ගේ tax return එක යොමු කළ හැකියි." යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
"ඔබට අවශ්‍ය තොරතුරු බොහොමයක් දැනටමත් එහි තිබෙනවා, ඒවා නිවැරදි දැයි පරීක්ෂා කරන්න, අමතර ආදායමක් තිබේනම් ඒවා එකතු කරන්න, ඔබ සුදුසුකම් ලබන වියදම් අඩු කරන්න." යනුවෙන් ඔහු තවදුරටත් myTax සේවාව පිළිබඳ පැහැදිලි කළේය.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
යම් පුද්ගලයෙකුට තමන්ගේ tax return එක සකස් කිරීමට වැඩි කාලයක් අවශ්‍ය නම්, අදාළ පුද්ගලයාට ලියාපදිංචි බදු නියෝජිතයෙකු සමඟ එක්ව එම කටයුතු සිදුකළ හැකි බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස් Tim Loh සඳහන් කරයි.
"ඔබ පළමු වරට ලියාපදිංචි බදු නියෝජිතයෙකු භාවිතා කරන්නේ නම්, හෝ පසුගිය වසරේ සම්බන්ධ කරගත් ලියාපදිංචි බදු නියෝජිතයා වෙනුවට වෙනත් අයෙකු භාවිතා කරන්නේ නම්, ඔබ ඔක්තෝබර් 31 වන විට ලියාපදිංචි බදු නියෝජිතයා සමඟ සම්බන්ධ විය යුතුය." යනුවෙන්ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Source: Getty / Getty Images
බදු කටයුතු සඳහා උපකාර කිරීමට නොමිලේ වැඩසටහන්
ආදායම් බදු කටයුතු සඳහා උපකාර අවශ්‍ය බදු ගෙවන්නන්ට සහාය වීමට නොමිලේ වැඩසටහන් ද ඇති බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය දැනුම් දෙයි:
Tax Help වැඩසටහන
ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ Tax Help වැඩසටහන පුහුණු ස්වේච්ඡා සේවකයන් විසින් මෙහෙයවනු ලබන අතර සරල බදු කටයුතු ඇති වසරකට ඩොලර් 60,000ක් හෝ ඊට අඩු ආදායම් ලබන බදු ගෙවන්නන් හට මෙහි සේවාව ලබා ගත හැකිය.
National Tax Clinic program
National Tax Clinic වැඩසටහන යනු තමන්ගේ බදු කටයුතු සම්බන්ධයෙන් වෘත්තීය උපදෙස් සහ නියෝජනයක් ලබා ගැනීමට නොහැකි වන බදු ගෙවන්නන්ට, කුඩා ව්‍යාපාරවලට, ලාභ නොලබන සංවිධානවලට සහ පුණ්‍යායතනවලට උපකාර කිරීම සඳහා රජයෙන් අරමුදල් සපයන වැඩසටහනකි. මෙය ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල විසින් පවත්වාගෙන යනු ලබන අතර ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් සහාය දක්වන වැඩසටහනකි.