SKIP TO MAIN CONTENT

Covid-19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වෙයි

Dr.Neville Fernando passes away from COVID-19
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

Covid-19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘවරයා වූ ඒ මහතා මිය යනවිට 89 වැනි වියේ පසුවිය.

ඒ සමගම ශ්‍රී ලංකාවෙන් ඊයේ කොරෝනා මරණ 07ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 339 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර කොවිඩ් - 19 මර්දනය සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ 180ක් ශ්‍රී ලංකාවට ගෙන්වීමෙන් පසු දිනකට ලක්ෂ 5ක ජනගහනයකට එන්නත දීමට ශ්‍රී ලංකා රජය සැලසුම් කරයි.

දින 15ක් පමණ කාලයකදී මුළු රටම ආවරණය වන පරිදි මේ එන්නත සමස්ත ජනතාවටම දීමට රජය සැලසුම් කර ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now