SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකවේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තුනෙන් දෙකකට වැඩි බහුතර ඡන්දයෙන් සම්මතයි

Sri Lanka Parliament
Source: Wikipedia

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තුනෙන් දෙකකට වැඩි බහුතර ඡන්දයෙන් ඊයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී සම්මත විය.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 65ක් පමණි.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ ඇතුළු සමගි ජනබලවේගයට සහය පළ කරන දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරු 08 ක් පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව සමගී ජනබල වේගය පක්ෂයේ ඩයනා ගමගේ, ඒ. අරවින්ද් කුමාර් සහ ඉෂාක් රේහෙමාන්, මුස්ලිම් ජාතික සන්ධානයේ  AASM රහීම් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නසිර් අහමඩ්, ෆයිසාල් කාසීම්, HMM හාරිස් සහ MS තව්ෆික් යන මන්ත්‍රීවරුන් පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළෝය.

හිටපු ජනාධිපති, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා හා රජයේ මන්ත්‍රීවරයෙකු වන විජේදාස රාජපක්ෂ ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තු සභාවේ නොසිටි බවද  වාර්තා විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now