SKIP TO MAIN CONTENT

DRS ක්‍රමය පළමු වරට ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් ද්විපාර්ශ්වික තරගාවලි වලට

Women's Cricket
DRS to make a maiden appearance in a women's bilateral series Source: AAP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ක්‍රිකට් ක්‍රීඩාවේ Decision Review System හෙවත් DRS ක්‍රමය අද සිට (21/09) පළමු වරට ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් ද්විපාර්ශ්වික තරගාවලි සඳහා යොදා ගැනීම ආරම්භ කෙරේ.

ඒ අනුව අදින් ඇරඹෙන බටහිර ඉන්දීය කොදෙව් - එංගලන්ත කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේදී ප්‍රථම වතාවට මෙම DRS ක්‍රමය යොදා ගැනෙනු ඇත.

අවසන් වරට පැවැත්වූ කාන්තා 20-20 ලෝක කුසලාන තරගාවලි දෙකේදී සහ 2017 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ රූපවාහිනී විකාශය ලබා දුන් තරග 10 කදී මෙම DRS ක්‍රමය යොදා ගැනුණු නමත් ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් ද්විපාර්ශ්වික තරගාවලියකදී යොදාගෙන නොමැත.

අදින් ඇරඹෙන බටහිර ඉන්දීය කොදෙව් - එංගලන්ත කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලිය 20-20 තරග 5 කින් සමන්විතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now