SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා සිව්වන එක් දින තරගය ලකුණු 40 කින් දකුණු අප්‍රිකාව ජයගනී.

Du Plessis' 185 makes it 4-0 for SA
Source: espncricinfo

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන එක් දින ජාත්‍යන්තර තරගාවලිය යටතේ ඊයේ (07/02) පැවැත්වුණු සිවන එක් දින තරගයෙන්  ලකුණු 40 ක ජයක් අත් කරගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5 කට ලකුණු 367ක් ලබා ගත්තේය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන්  Francois du Plessis අගනා ලකුණු 185 ක් රැස් කළ අතර නායක A.B.de Villiers ලකුණු 64 ක්ද Quinton de Kock ලකුණු 55 ක් ද ලබා ගනිමින් දකුණු අප්‍රිකානු ඉනිම ශක්තිමත් කළෝය.

ජයග්‍රාහී ලකුණු 368 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48 යි එක් පන්දුවකදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 327 කි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක උපුල් තරංග නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 119 ක් රැස් කරගත් අතර නිරෝෂන් දික්වැල්ල සහ සඳුන් වීරක්කොඩි ලකුණු 58 බැගින් ලබා ගත්තේය.

කෙසේනමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුපෙළ ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාම හේතුවෙන් තරගය පරාජය වීමට සිදු විය.

තරගයේ වීරයා සම්මානය දකුණු අප්‍රිකාවේ Francois du Plessis හට හිමි විය.

ඒ අනුව තරග 5 කින් සමන්විත මෙම තරගාවලිය දකුණු අප්‍රිකාව විසින් 4-0 ක් ලෙස මේ වන විටත් ජයග්‍රහණය කර ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now