SKIP TO MAIN CONTENT

ඩක්වර්ත් - ලුවිස් න්‍යායේ සම නිර්මාතෘ ටෝනි ලුවිස් අභාවප්‍රාප්ත වෙයි

Duckworth-Lewis method Co-founder Tony Lewis dies at 78
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ක්‍රිකට් ක්‍රීඩාවේ ඩක්වර්ත් - ලුවිස් න්‍යායේ සම නිර්මාතෘ වූ, ගණිතඥ ටෝනි ලුවිස් මහතා එංගලන්තයේදී අභාවප්‍රාප්ත විය.

සීමිත ඕවර ක්‍රිකට් තරග සඳහා වර්ෂාවෙන් බාධාවන අවස්ථාවලදී දෙවැනි ඉනිමේ පන්දුවට පහර දෙන කණ්ඩායම ලබාගත යුතු ඉලක්කය ගණනය කිරීමේ ක්‍රමවේදය නිර්මාණය කළේ ගණිතඥයකු වන ටෝනි ලුවිස් මහතා සහ ෆ්‍රෑන්ක් ඩක්වර්ත් දෙදෙනා එක්වීමෙනි.

Duckworth-Lewis method Co-founder Tony Lewis dies at 78
Frank Duckworth (left) and Tony Lewis co-developed the Duckworth-Lewis-Stern system of calculating target scores in rain-affected matches Source: ICC

ටෝනි ලුවිස් මහතා මිය යන විට 78 වන වියෙහි පසුවිය.

ඩක්වර්ත් - ලුවිස් න්‍යාය ප්‍රථම වරට 1997 වසරේදී එංගලන්තය හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති තරගයකදී යොදාගත් නමුත් එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අනුමත කළේ 1999 වසරේදීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now