එක්සත් ජාතීන්ගේ සංක්‍රමණය පිළිබද නව ගිවිසුමට අත්සන් තැබීම ඕස්ට්‍රේලියාව ප්‍රතික්ෂේප කරයි (SBS සිංහල/වාර්තා)

පසුගියදා 2GB ගුවන්විදුලිය සමග විශේෂ සාකච්චාවකට එක් වෙමින් අභ්‍යන්තර කටයුතු පිළිබද අමාත්‍ය Peter Dutton සදහන් කලේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට හෝ වෙනත් කිසිදු අයෙකුට ඕස්ට්‍රේලියානු දේශ සීමා වල ආරක්ෂාවට අහිතකර වන පියවර ගැනීමට තමන් ඉඩ නොතබන බවයි. වසර ගණනාවක අසීරු ක්‍රියාදාමයක ප්‍රථිපල අපතේ යවන්නට තමන් සුදානම් නැති බවද ඔහු මෙහිදී සදහන් කර තිබිණි.

Peter Dutton

Peter Dutton said Australia wouldn't sign a document that "surrenders our sovereignty". Source: AAP

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංක්‍රමණය පිළිබද නව ගිවිසුමට ( UN pact on migration) ඕස්ට්‍රේලියාව අත්සන් නොතබන බව ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු පිළිබද අමාත්‍ය Peter Dutton ප්‍රකාශ කර තිබේ. මෙම ගිවිසුමට අත්සන් කිරීමෙන් ඕස්ට්‍රේලියාවේ ස්වෛරී භාවයට සහ දේශසීමා ආරක්ෂාවට හානි සිදු විය හැකි බව තම විශ්වාශය බවත් ඒ නිසා ඒ සදහා අත්සන් නොතබන බවත් ඔහු  වැඩි දුරටත් සදහන් කර තිබේ.

 

එක්සත් ජාතීන්ගේ මෙම නව සංක්‍රමණිකයින් පිළිබද වූ ගිවිසුම නීතිමය බැදීමක් ඇති ලියවිල්ලක් නොවුනද, එහි ඇති වගන්ති වලට අනුව සංක්‍රමණිකයින් රැදවුම් භාරයට පත් කල හැක්කේ අවසන් විසදුම ලෙස බව සදහන්. තවද එය ඉතා සුළු කාලයකට සීමා කල යුතු බවටද එහි වගන්තියක් ඇතුලත් බව සදහන්.

 

දැනට ඔස්ට්‍රේලියාවට නිත්‍යානුකුල නොවන අයුරින් පැමිණෙන සරණාගතයින් පැපුවා නිව් ගිනියාහි මානුස් හෝ නාරු සරණාගත රැදවුම් මධ්‍යස්ථාන වෙත යැවීම ඕස්ට්‍රේලියානු ප්‍රතිපත්තිය වී තිබේ. තවද යමෙකු සරණාගත රැකවරණ හිමිවීමට සුදුසු බව තීරණය වුවද ඔවුන්ට ඕස්ට්‍රේලියානු ප්‍රධාන භූමිය තුල වාසය කිරීමට අවස්ථාව හිමි නොවන අතර, ඔවුන්ට පදිංචි වීමට අවස්ථාව ලැබෙන්නේ පැපුවා නිව් ගිනියාහි වීම විශේෂත්වයක්.

 

පසුගියදා 2GB ගුවන්විදුලිය සමග විශේෂ සාකච්චාවකට එක් වෙමින් අභ්‍යන්තර කටයුතු පිළිබද අමාත්‍ය Peter Dutton සදහන් කලේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට හෝ වෙනත් කිසිදු අයෙකුට ඕස්ට්‍රේලියානු දේශ සීමා වල ආරක්ෂාවට අහිතකර වන පියවර ගැනීමට තමන් ඉඩ නොතබන බවයි. වසර ගණනාවක අසීරු ක්‍රියාදාමයක ප්‍රථිපල අපතේ යවන්නට තමන් සුදානම් නැති බවද ඔහු මෙහිදී සදහන් කර තිබිණි.

 

එක්සත් ජාතීන්ගේ සංක්‍රමණිකයින් සදහා වූ ආයතනය මගින් සංක්‍රමණිකයින් සදහා වූ මෙම නව ගිවිසුම සකස් කර ඇති අතර ලොව සෑම රටක්ම පාහේ ඒ සදහා අත්සන් කිරීමට කැමැත්ත පලකර ඇති බව සදහන්. ඇමරිකානු ට්‍රම්ප් රජය අදාල ගිවිසුම සදහා අත්සන් නොතබන බව ප්‍රකාශ කර ඇති අතර හංගේරියාවද අදාල ගිවිසුම සදහා අත්සන් නොතබනු ඇති බවට තොරතුරු වාර්තා වෙයි. ඒ අනුව ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වරයාගේ මේ ප්‍රකාශය සමගින් අදාල ගිවිසුම අත්සන් නොතබන රටවල් අතලොස්සට ඕස්ට්‍රේලියාවද ඇතුලත්වනු ඇති.

Boat carrying refugees
File image Source: AAP

මිනිස් ජාවාරම්කරුවන් මැඩලීමේ ඕස්ට්‍රේලියානු ක්‍රියාදාමයට බාධාවක්

මිනිස් ජාවාරම්කරුවන්ගේ උත්සාහයන් මැඩලීම සදහා ඕස්ට්‍රේලියානු ගත් පියවර සදහා අදාල ගිවිසුමට එකග වීම අහිතකර අයුරින් බලපානු ඇති බව අමාත්‍ය Peter Dutton ගේ මතය වී තිබේ.

 

සරණාගතයින් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන ඕස්ට්‍රේලියානු රජයේ තීරණය දැඩි විවේචනයට ලක් කර ඇති අතර, කම්කරු පක්ෂයද මේ පිලිබදව අදහස් දැක්වීම මේ වන විට ප්‍රතික්ෂේප කර තිබේ.


2 min read

Published

By Sanjaya Dissanayake

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now