SKIP TO MAIN CONTENT

මානුස් දූපතේ සරණාගතයින් පන්නන්න හිටි හැටියේ පොලීසිය කඩා පනියි.

Dutton confirms PNG police removing refugees from Manus detention centre
Peter Dutton confirms PNG police removing refugees from Manus detention centre. Source: SBS

2 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ඔස්ට්‍රේලියාවට පැමිණි සරණාගතයින් රඳවා තිබෙන මානුස් දූපතේ දැනට රැදී සිටින සරණාගතයින්ව එම මධ්‍යස්ථානයෙන් පළවා හැරීමට අද (23/11) පෙරවරුවේ පැපුවා නිව් ගීනියා පොලීසිය එම මධ්‍යස්ථානය තුළට ඇතුළුවූ බව වාර්තා වේ.

පසුගිය ඔක්තෝබර් 31 වන දින මෙම මධ්‍යස්ථානය නිල වශයෙන් වසා දැමුණු අතර එයට සැපයෙන විදුලිය, ජලය, ආහාර පාන සහ ඖෂධ ද කපා හැරීමට බලධාරීන් කටයුතු කළේය.

ඒ වන විට එහි රැදී සිටි සරණාගතයින් හට මානුස් දූපතේ ලොරෙන්ගෝ නගරය අවට රැඳවුම් මධ්‍යස්ථාන සකසා දීමටද බලධාරීන් කටයුතු කළේය.

නමුත් 380 ක පමණ පිරිසක් මානුස් රැඳවුම් මධ්‍යස්ථානයෙන් පිටව යාම ප්‍රතික්ෂේප කරමින් එහිම රැදී සිටීමට  තිබුණි.

මේ තත්ත්වය නැවත්වීම සඳහා පැපුවා නිව් ගීනියා පොලීසිය එම මධ්‍යස්ථානය තුළට අද ඇතුළුවූ බව ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton තහවුරු කළේය.

තමන්ට අදාළ මධ්‍යස්ථානයෙන් පිටව යාමට පැයක පමණ කාලයක් ලබා දුන් බවත් ඇතුළට පැමිණි පොලිස් නිලධාරීන් කලහකාරී ලෙස හැසිරුණු බවත් ඔවුන් එහි දේපළ විනාශ කළ බවත් එහි සිටි බොහෝ රැඳවියන් තම සමාජ ජාලා ඔස්සේ වාර්තා කරන්නට විය.

මේ අතර මෙම පුද්ගලයින්ට අදාළ මධ්‍යස්ථානය හැර යන මෙන් ඉතා කාරුණිකව කිහිප වරක්ම ඔස්ට්‍රේලියානු රජය පැවසු බව අමාත්‍ය Peter Dutton පැවසුවේය.

"ඔස්ට්‍රේලියාවේ බදු ගෙවන වැසියන්ගේ ඩොලර් මිලියන 10 ක වියදමින් අපි ඔවුන්ට නව මධ්‍යස්ථානය ඉදි කළා. අපි කිසිදිනෙක එම පුදගල්යින්ව ඔස්ට්‍රේලියාවට ගන්නේ නැහැ" යනුවෙන්ද අමාත්‍යවරයා පැහැදිලි කළේය.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now