SKIP TO MAIN CONTENT

ඉල්ලා අස්වූ කැබිනට් ඇමතිවරු වෙනුවට වැඩබලන කැබිනට් ඇමතිවරු 4 ක්.

Politics of Sri Lanka
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට සහයදීම හේතුවෙන් තම තනතුරුවලින් ඉල්ලා අස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී 16 දෙනාගෙන් පුරප්පාඩු වූ කැබිනට් අමාත්‍යධුර 6 හි වැඩ බැලීම සඳහා නව කැබිනට් අමාත්‍යවරු හතර දෙනකු පත් කර තිබේ.

ඒ අනුව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ධුරයේ සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ධුරයේ වැඩ බැලීම සඳහා සරත් අමුණුගම මහතා ද, අාපදා කළමනාකරණ අමාත්‍ය ධුරයේ වැඩ බැලීම සඳහා රංජිත් සියඹලාපිටිය මහතා ද, ක්‍රීඩා අමාත්‍යංශයේ වැඩ බැලීම සඳහා ෆයිසර් මුස්තාපා මහතා ද, සමාජ සවිබල ගැන්වීමේ හා කම්කරු අමාත්‍යංශයේ වැඩ බැලීම සඳහා මලික් සමරවික්‍රම මහතා ද පත් කරනු ලැබ සිටිති.

කෙසේවෙතත්, මෙය තාවකාලික පත්කිරීමක් බවත් පූර්ණ කැබිනට් සංශෝධනයක් සිංහල අලුත් අවුරුද්දෙන් පසුව සිදු කරන බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ අට වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය අවසන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (12/04) අති විශේෂ ගැසට් පත්‍රයට අත්සන් තැබීය.

ඒ අනුව මැයි 08 වැනි දා පාර්ලිමේන්තුවේ දෙවැනි සැසි වාරය ආරම්භ වීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now