SKIP TO MAIN CONTENT

ලෝකයේ ගුවන් ගමන් කෙතරම් ආරක්ශිතද ?

fli
Source: Getty

2 min read

Published

Updated

By Charitha Adikari


Skip to article content

වාර්තා වන අන්දමට ගුවන් යානා වල ගමන් කරන මගීන්ගෙන් 70%ක් දෙනා එහි ආරක්ෂාව පිළිබද බියෙන් පසු වෙනවා.

පසු ගියදා අතුරුදන් වූ MH 370 යානය පිළිබද අවසන් වාර්තාව ඉදිරිපත් වූ අතර එහි දී එම අතුරුදන් වීමට හේතු හරිහැටි කිව නිකි බවටයි වාර්තා වුනේ . මෙහිදී එම යානයේ සිටි 239 දෙනා මරණයට පත් වූ බවයි විශ්වාස කරන්නේ

මෑත ඉතිහාසයේ ගුවන් ගමන් වල ආරක්ෂාව පිළිබදව මෙහිදී ගැටළු මතු වේ

ගුවන් ගමන් කෙතරම් ආරක්ශිතද ?

ss
Source: SBS

වෙළද ගුවන් යානයක ගමන් කිරීම ලෝකයේ ඇති ඉතාම ආරක්‍ෂිත ප්‍රවාහන ක්‍රමයයි.

ඇමෙරිකානු දත්ත අනුව ගුවනේදී මිනිසෙක් මිය යාම 205,552 දෙනෙකුගෙන් එක අයෙක් වේ. සයිකල් කරුවෙක් ලෙස එය 4,050 කින් එක අයෙකු වන අතර මෝටර් රථ අනතුරකින් මිය යාම 102 කින් වක අයෙකුත් වේ.

ඒ ගුවන් ගමන් ජාත්‍යන්තර වශයෙන් ප්‍රමිතියට ලක් වන නිසා

ගුවන් ගමන පාලනය කරන , ගුවන් පථය පාලනය කරන සියලු දෙනා පිලිබදව ඔබ දැනුවත් වන අතර ය මෝටර් රථයක් යාමේදී නොලැබෙන දෙයක්

ගුවන් අනතුරු

sss
Source: SBS

දැනට සිදුවී ඇති දරුණුතම ගුවන් අනතුර වන්නේ 1977 දී Tenerife නම් කැනරි දුපත් වල සිදු වූ ගුවන් යානා දෙකක් එකට ගැටීමෙන් 583 දෙනෙකු මිය ගියා

International Air Transport Associatio ආයතනය පවසන්නේ වසර 2012 සිට මෙතෙක් වසරකට ගුවන් අනතුරු 75ක් පමණ සිදු වී ඇති බවයි . ඒ මිලියන 37.3ක් පමණ වූ ගුවන් ගමන් අතරින්

ඒ අනුව වසරකට 315 දෙනෙක් මිය යන බවට ගණනය කලත් වසර 2017 දී මිය ගොස් ඇත්තේ 19 දෙනෙකු පමණයි.

එසේම 95% ක් අනතුරු වලදී පුද්ගලයන් ජීවිත බේරා ගෙන තිබේ

ලොව ආරක්ෂිතම ගුවන් සේවා මෙසේයි

Image

එසේම මම ගුවන් සේවා IATA සංවිධානය මගින් සිදු කරන තත්ත්ව පරීක්ෂා දර්ශකය අනුවයි තීරණය වන්නේ. දැනට ඇති දත්ත අනුව ඇමෙරිකාව, යුරෝපය හෝ ඕස්ට්‍රේලියාවේ ගුවන් ගමන යන විට අනතුරු සිදු වීමේ සම්භාවිතාව 0ක් බවට ගනනය කර තිබේ

එසේම අප්‍රිකාව හා පැරණි සෝවියට් දේශය ආශ්‍රිතව අනතුරු වැඩි බවත් වාර්තා වේ

අනතුරු වීමට හේතු

මේ වන විට අනතුරු වීමට වැඩිම හේතු වන්නේ මිනිස් අත්වැරදී වලින් බවයි පැවසෙන්නේ .

දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව බොහෝ විට තාක්ෂණික අනතුරු නිසා ගුවන් යානා අනතුරට පත් වුනා . නමුත් පසුව රේඩාර් , ජෙට් එන්ජින් ආදිය නිසා එම තත්වය දැන් මග හැරී තිබේ 

 

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now