SKIP TO MAIN CONTENT

මෙල්බර්න් නුවර අතුරුදන්වූ ශ්‍රී ලාංකික ජාත්‍යන්තර සිසුවා සෙවීමට වික්ටෝරියා පොලීසිය මහජන සහය පතයි.

Tidinika Kulathunga
Source: Facebook

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් කලාපයේ වාසය කළ ශ්‍රී ලාංකික අන්තර්ජාතික ශිෂ්‍යයකු වූ තිදිනික කුලතුංග නමැති තරුණයා පසුගිය ජූලි 20 වන දින සිට අතුරුදන්ව ඇතැයි වික්ටෝරියා පොලීසිය පවසයි.

21 හැවිරිදි මෙම තරුණයා සෙවීමට වික්ටෝරියා පොලීසිය මහජන සහය අපේක්ෂා කරන බවද වික්ටෝරියා පොලීසියේ නිල වෙබ් අඩවියේ නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.

අතුරුදන්ව සිටින මෙම තරුණයා ව ජූලි 20 වන දින පස්වරු 1.30 ට පමණ Glen Waverley ප්‍රදේශයේදී අවසන් වරට දැක ඇති අතර ඔහු Craigieburn ප්‍රදේශය වෙත ගමන් කරමින් සිටි බව වාර්තා වේ.

ඔහු තම 1998 Honda Accord sedan මාදිලියේ මෝටර් රථයෙන් ගමන් කරමින් සිට ඇති අතර කළු පැහැති ලෙදර් ජැකට්ටුවක් හැඳ සිට ඇත.

මොහු නිරතුරුවම Alpine කලාපයේ ගමන් කරන බවට තොරතුරු ලැබී ඇති අතර Great Alpine මාර්ගයේ රිය ධාවනය කිරීමට ඔහු බෙහෙවින් කැමැත්තක් දැක්වූ බවද සඳහන්.

යම් පුද්ගලයෙකු අතුරුදන්ව සිටින මෙම තරුණයා පිළිබඳ යම් විස්තරයක් දන්නේ නම් 039 566 1555 යන දුරකතන අංකයෙන් Glen Waverley පොලිස් ස්ථානයට දන්වන ලෙස වික්ටෝරියා පොලීසිය ඉල්ලයි.

Victoria Police is appealing for public assistance to help locate missing Sri Lankan International student Thidinika Kulathung.
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now