බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් කුමරියගේ ඔස්ට්‍රේලියානු සංචාරයට දින නියම වේ.

Prince Harry and Meghan Markle's Australia tour

Source: AAP

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් කුමරිය ලබන මාසයේදී ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරතවන බව ඊයේ නිල වශයෙන් නිවේදනය කළේය.

ඔවුන් දෙදෙනාගේ ප්‍රථම ඔස්ට්‍රේලියානු නිල සංචාරය වන මෙහිදී ඔවුන් Dubbo, Melbourne සහ Fraser දූපත් වල නැවතීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.

හැරී කුමරු සහ මේගන් කුමරිය පැසිෆික් කලාපයේ සති තුනක සංචාරයක් සඳහා ඔක්තෝබර් 16 වන දින ඔස්ට්‍රේලියාවට ගොඩබැසීමට නියමිත අතර එහිදී ෆිජී දූපත්, ටොන්ගා දූපත් සහ නවසීලන්තයටද යාමට නියමිත බව වාර්තා වේ.

නව රාජකීය යුවලව පිළිගැනීමට තමන් ඉතා උනන්දුවෙන් බලා සිටින බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය  Scott Morrison පවසයි.

Prince Harry and Meghan Markle's Australia tour
Source: AAP

හැරී කුමරු සහ මේගන් කුමරියගේ පැසිෆික් කලාප සංචාරයේ වැඩසටහන

October 16: Sydney, Australia

October 17: Dubbo, Australia

October 18: Melbourne, Australia

October 19-21: Sydney, Australia

October 22: Fraser Island, Australia

October 23 -24: Suva, Fiji

October 25: Nadi, Fiji and Nuku'alofa, Tonga

October 26: Nuku'alofa, Tonga and Sydney, Australia

October 27: Sydney, Australia

October 28: Wellington, New Zealand

October 29: Wellington and Abel Tasman, New Zealand

October 30: Auckland, New Zealand

October 31: Rotorua, New Zealand


Share

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now