ටොරින්ග්ටන් ආණ්ඩුකාරයාගෙන් පස්සේ ලංකාවට වැඩිපුරම බදු ගැහුවේ මේ ආණ්ඩුව : ඒකාබද්ධ මැයි රැළියේදී මහින්ද කියයි.

Mahinda Rajapakshe speaks at Joint Opposition May Day Rally

Source: SBS Sinhala

ඉකුත් මැයි රැළියෙන් ආණ්ඩුව දණ ගැස්වූ අප  ආණ්ඩුව බඩගාන යුගයක් ඉදිරියේදී උදාකරන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු ප්‍රධාන පක්ෂ පොදියක් පරාජය කර විශ්ෂ්ඨ මැතිවරණ ජයක් ලැබූ පොහොට්ටුවට වත්මන් ආණ්ඩව බඩගාන තත්ත්වයට පත්කිරීම අසීරු කාර්යයක් නොවන බව ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේදී ඊයේ (07/05) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියට සහභාගීවෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව කීවේය.

ඒකාබද්ධ විපක්ෂයේ නැගී සිටීම දැක ආණ්ඩුවක් කලබල වන ආකාරය අරුමයක් නොවන බව කී මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

රටට යහපත් තීන්දු ගන්න මේ ආණ්ඩුව බයයි. නමුත් ඇතැම් තීන්දු ගන්න බය නැහැ. අපෙන් පළිගන්න, අපිව හිරේ යවන්න බය නැහැ. මැයි පළමුවන දිනය යෙදෙන කම්කරු දිනය කල් දමන්න, වෙසක් පෝය වෙනස් කරන්න බය නැහැ. මුළු ලෝකයම කම්කරු දින සමරද්දී අපි විතරක් හුදකලාව ඉන්නවා. අද එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය ගෘහස්ථ ක්‍රීඩාංගණයක පවත්වනවා. ලෝකවාසී කම්කරුවන් එක්වව් කියන්න බැරි තත්ත්වයක් අද තිබෙනවා. රනිල් හා සිරිසේනගේ එකතුවට අපි හසුවී තිබෙනවා. විද්‍යාත්මක ක්‍රමයට අපි කැබිනට් සංශෝධනයට හසුව තිබෙනවා. ලොතරැයි මණ්ඩලය විදේස් අමාත්‍යංශයට පත්කොට තිබෙනවා. මහ දහවල් මහ බැංකු කොල්ල සිදුවෙනවා. අර්ථ සාධක අරමුදලේ ඇති කම්කරු ජනතාවගේ බිලියන ගණනක මුදල් මහ බැංකු මුදල් කොල්ලය නිසා අවභාවිත කිරීමක් සිදුව තිබෙනවා. කැබිනට් එකේ විද්‍යාත්මක බව එසේනම් අනිත් ඒවා කියලා වැඩක් නැහැ. ජනපති කාර්යය මණ්ඩල ප්‍රධානීන් අල්ලස් අත්තිකාරම් ගන්නවා. හිටපු ජනපතිනියගේ ලේකම්වරයෙකුත් අල්ලසට සම්බන්ධයි. රනිල් සිරිසේන ආණ්ඩුව ආර්ථික ප්‍රතිපත්ති නිර්මාණය කරනවා. ඒ සදහා මත්තල ගුවන්තොටුපලෙත් වී ගබඩා කරනවා. අපි නෙළාගත් වී ඔවුන් මත්තල ගොඩගැසුවා. අද පිටරටින් හාල් එනතුරු බලා සිටිනවා. පොහොර සහනාධාර නැහැ. පාසල් නිල ඇදුම ගන්න රජයෙන් අද ලබා දෙන වව්චර් මුදල මදි. ගොවියන්ගෙන් පමණක් නොව පාසල් දරුවන්ගෙන් පළි ගන්නවා."

යකඩ ටික විකුණන්න මෙහෙම අල්ලස් ගන්නවා නම් අපි හැදූ වරායන් විකුණන්න කොහොම අල්ලස් ගන්න ඇත්දැයි හිතෙනවා. මේ වගේ වරායක් තිබෙනවා දුටු විට අපිට ලොකු සතුටක්, ආඩම්බරයක්, අභිමානයක් හිමිවුණා. ඒ වරාය විකුණලා රනිල් වික්‍රමසිංහ ලොකු සතුටක් ලැබුවා. වරයා විකුණලා චෙක්පත ලබා ගද්දී ඊටත් වඩා ලොකු සතුටක් රනිල් තුළ තිබුණා. අද රුපියල අවප්‍රමාණය වෙලා. ජාත්‍යන්තර මුදල් අරමුදල කියා තිබෙනවා, රුපියල් ඩෙලර් 200 දක්වා ඉහළ නංවන්න කියලා. අද කුඩා දරුවන්ගේ බැංකු ගිණුම්වලට පවා බදු ගසනවා. මේ ආණ්ඩුව ගැහුවේ නැත්තේ බලු බද්ද විතරයි. පෙට්ටි කඩයක්වත් අද හදා ගන්න බැහැ, ඒකටත් බදු ගහනවා. ටොරිංග්ටන්වල ඉන්න අගමැතිවරයා ටොරිංටන් ආණ්ඩුකාරවරයා එදා කළ බදු අයකීරීම් කරනවා. රනිල් සිරිසේන මේ ආණ්ඩුව පන්සල්වලින් පමණක් නොව සියලු දෙනාගෙන බදු ගන්නවා.

අනාගතයේදී මැයි දින පවත්වන විට කම්කරුවන් නොව රැකියා නොමැති තරුණයන්ට පෙළපාලියාමට සිදුව ඇතැයි මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


3 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now