ආසියානු කුසලානය : බංග්ලාදේශය හමුවේ ලංකාවට දැවැන්ත පරාජයක්.

Asia Cup 2018

Source: espncricinfo

2018 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩුබායි ක්‍රීඩාංගයේදී ඊයේ (15/09) පැවැති තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 137 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට බංග්ලාදේශය සමත් විය.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර පන්දුවාර 49 යි පන්දු 3 කදී සියලු දෙනා දැවී ලකුණු 261 ක් රැස් කිරීමට ඔවුන් සමත්විය.

බංග්ලාදේශයේ Mushfiqur Rahim ලකුණු 144 ක්ද Mohammad Mithun ලකුණු 63 ක්ද ලබා ගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 262 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 35.2 ක් අවසානයේ ලකුණු 124 කට සීමා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ. 

ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය ඇෆ්ගනිස්තානය සමග හෙට (17/09) පැවැත්වීමට නියමිතය.


1 min read

Published

By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now