SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවන් ඇතුළු පුහුණු කාර්ය මණ්ඩලයේ සියළු දෙනාට ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා ඇමතිගෙන් නියෝගයක්.

Sri Lanka Cricket
Source: Facebook

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

මේ මස අගදී බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවන් ඇතුළු පුහුණු කාර්ය මණ්ඩලයේ සියළු දෙනාට ඔවුන්ගේ ධුර වලින් ඉල්ලා අස්වන්නැයි දන්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් මගින් දන්වා තිබේ.

ඉන් අනතුරුව ඔවුන්ගේ කොන්ත්‍රාත්තු පිලිබඳ සලකා බලන ලෙසටත් අදාළ ලිපියේ සඳහන් බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ මාසයේදී එක් දින ජාත්‍යන්තර තරග තුනක් ඇතුළත් එක් දින තරගාවලියක් පැවැත්වීමට නියමිතය.

එළඹෙන ජූලි 26, 28 සහ 31 යන දිනවල මෙම එක් දින තරග පැවැත්වෙන අතර ඒ සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වෙන බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now