SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් අනතුරුව වත්මන් ලිබරල් සන්ධාන රජයට ලැබෙන සහයෝගයේ වැඩි වීමක්.

Morrison government has had a surge in support since May's federal election.
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

පසුගිය මැයි මාසයේ පැවති ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් අනතුරුව වත්මන් ලිබරල් සන්ධාන රජයට ලැබෙන සහයෝගය වැඩි වීමක් දක්නට ඇතැයි නවතම Newspoll මත විමසුම පවසයි.

The Australian පුවත්පත විසින් මෙහෙයවනු ලබන Newspoll මත විමසුම, ඔස්ට්‍රේලියානු දේශපාලනයේ හැසිරීම පිළිබඳව සිදුකරන ප්‍රධාන සමීක්ෂණ වලින් එකකි.

නවතම Newspoll මත විමසුමේදී ලිබරල් සන්ධානයට ඇති මහජන කැමැත්ත 1.5% කින් 53% දක්වා වර්ධනය වී ඇති අතර කම්කරු පක්ෂයේ ජනතා කැමැත්ත 1.5% කින් 47% දක්වා පහත බැස තිබේ.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ ප්‍රියතම අගමැතිවරයා ලෙස වත්මන් ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison 48% ක ජනතා කැමැත්තක් ලබා තවමත් ඉදිරියෙන් සිටියි.

කම්කරු පක්ෂ නායක Anthony Albanese හට ලැබී ඇත්තේ 31% ක ජනතා කැමැත්තකි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now