සිරියාවෙන් ඔස්ට්‍රේලියාවට පැමිණෙන IS භාර්යාවන් DNA පරීක්ෂාවකින් ඕස්ට්‍රේලියානු බවට තහවුරු කල හැකිද ?

w

Source: SBS

උතුරු සිරියාවෙන් ඇමෙරිකානු හමුදා ඉවත් කර ගැනීමෙන් පසුව එහි සිටින IS බිරින්දෑවරු හා දරුවන් ඔස්ට්‍රේලියාවට පැමිණීම ආරක්ෂාවට තර්ජනයක් බව ස්වදේශ කටයුතු අමාත්‍ය Peter Dutton පවසයි

ඔහු පවසන්නේ මෙසේ සිරියාවේ සිරවී සිටින ඕස්ට්‍රේලියානු කාන්තාවන් හදුනා ගැනීමට DNA පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය බවයි.

නමුත් DNA පරීක්ෂණයකින් කෙනෙකුගේ පුරවැසිභාවය ගැනීමට නොහැකි බවයි විද්වතුන් පවසන්නේ. DNA මගින් සොයා ගත හැක්කේ කෙනෙකු තවත් කෙනෙකුට නෑකමක් ඇති බවයි. එසේම එවන් පරීක්ෂණ සදහා නීතිමය පසුබිමක්ද ඇති Eනිසා එය ක්‍රියාත්මක වීමට ඉඩ නොමැත

මෙහිදී යොදා ගත හැකි DNA පරීක්ෂනය කුමක්ද ?

STR testing යනුවෙන් හැඳින්වෙන කෙනෙකුගේ DNA කොටසක් පරීක්ෂා කිරීම වන අතර DNA වලින් අඩක් මවගෙන්ද අනෙක් කොටස පියාගෙන් ද ලැබේ

STR මගින් දෙදෙනෙකු අතර නෑකමක් සොයා ගත හැකි වුවත් , එමගින් පවුලේ නෑකම් අතර පරතරය වැඩි වත්ම DNA සමානත්වයද අඩු වේ

ඒ අනුව එම පරීක්ෂණ මගින් නෑකමක් හඳුනා ගැනීම අසීරු විය හැකි අතර ඒ නිසා සිරියාවේ වෙසෙන පුද්ගලයන්ගේ දෙමාපියන් , සහෝදර සහෝදරියන් හැරුණු කොට වෙනත් සාමාජිකයන් හඳුනා ගැනීම අසීරු වනු ඇති 

සමහර අවස්තාවලදී වඩා වැඩි තීව්ර ප්‍රතිපල සදහා මවගෙන් පමණක් පැමිණෙන mitochondrial DNA පරීක්ෂාවද සිදු කෙරේ .මෙමගින් මාතෘ පාර්ශ්වයේ සබදතා හඳුනා ගත හැකි වේ

නීතිමය පසුබිම

ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත හා මධ්‍යම නීතිය අනුව අපරාධ පරීක්ෂණ වලදී DNA පරීක්ෂන සිදු කෙරේ . මේ සදහා නීතිමය නියෝගයක් නොමැතිව DNA සාම්පල ලබා ගත නොහැක

Dutton මහතාගේ අදහස ක්‍රියාත්මක කිරීමට නම්,

IS බිරින්වදෑරුන්ගේ DNA සාම්පල බලලත් නිලධාරියකු විසින් ගත යුතු වන අතර එය එම ප්‍රදේශ වලදී සිදු කිරීම අසීරු වනු ඇත

 

  • මෙම සාම්පල සැබවින්ම අදාළ කාන්තවගේද යනුවෙන් තහවුරු කල යුතු වේ
  • ඒවා ඉක්මනින්ම ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගත යුතු වේ
  • එම DNA ඔවුන් හඳුනා ගැනීම සදහා ඔවුන් අපරාධකරුවන්ගේ නාම ලේඛනයේ සිටිය යුතු වේ
  • එසේත් නැතිනම් ඔවුන්ගේ පවුලේ කෙනෙකුගේ DNA හා සන්සන්ධනය කල යුතු වේ. නමුත් එය බලෙන් කල නොහැක
  • mitochondrian DNA පරීක්ෂාව මෙහිදී සාර්ථක වේද?
  • කුමන රසායනාගාර වල මෙය සිදුවේද ?

 එසේම DNA පරීක්ෂනයකින් ඔවුන් ඕස්ට්‍රේලියානු පුරවැසියන්ද යන බව තහවුරු කල නොහැකි වන්නේ ඔස්ට්‍රේලියාව සෑම පුරවසියන්ගෙන්ම DNA සාම්පල ලබා නොගැනීම නිසා 

Spurce: SBS

d
Source: card

2 min read

Published

Updated

By Charitha Adikari


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now