SKIP TO MAIN CONTENT

කොදෙව් - ශ්‍රී ලංකා 3 වන ටෙස්ට් තරගය - පළමු දිනයේම වැස්ස හරස් වෙයි.

Sri Lanka tour of West Indies 3rd Test
Source: AFP

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර කොදෙව් දූපත් වල පැවැත්වෙන ටෙස්ට් තරග මාලාවේ තුන්වන හා අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනය (23/06) නිමා වන විට කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 132 ක් ලබා ගෙන සිටියි.

කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර පළමු දිනයේම වර්ෂාවෙන් බාධා සිදුවූ නිසා තරගයේ පළමු දිනය වූ ඊයේ දිනයේ යැවීමට හැකි වුයේ පන්දුවාර 46 යි පන්දු 3ක් පමණි.

කොදෙව් පිළේ කඩුලු රකින ක්‍රීඩක Shane Omari Dowrich දිනය අවසන් වන විට නොදැවී ලකුණු 60 ක්ද නායක Jason Omar Holder නොදැවී ලකුණු 33 ක්ද ලබා සිටිති.

දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුවේ හැඩය වෙනස් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල්ට මෙම ටෙස්ට් තරගය තහනම් කර ඇති අතර ඒ හේතුවෙන් තුන්වන තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස සුරංග ලක්මාල් කටයුතු කරනු ඇත.

මීට අමතරව ශ්‍රී ලංකාවේ සුපිරි පා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ආබාධයක් හේතුවෙන් මෙම තරඟයට සහභාගී නොවන බව සඳහන්.

මේ අතර බටහිර ඉන්දීය කොදෙව් දුපත් වල පැවැත්වෙන පළමු දිවා රාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරඟය ද මෙය වීම සුවිශේෂී කරුණකි.

කෙසේවෙතත්, පළමු ටෙස්ට් තරගය කොදෙව් කණ්ඩායම ජය ගැනීමද දෙවනි ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වීමද නිසාවෙන් ශ්‍රී ලංකා පිළට මෙම තරඟය ජය ගැනීම ඉතා වැදගත්වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now