SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා හමුදාවට එල්ලවී ඇති මානව හිම්කම් චෝදනා වලට පිළිතුරු දෙන්න මෛත්‍රී ඇමෙරිකාවට යයි.

Politics of Sri Lanka
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

එක්සත්  ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන මහ සභා සැසිවාරය ඇමතීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හෙට (22/09) ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ජනතාවට සමීප කරවීම හා සාධාරණ, සාමකාමි සහ තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමුහික වගකීම යන තේමාව යටතේ එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලයේ 73 වන සැසිවාරය පැවැත්වීමට නියමිතය.

මෙහි ප‍්‍රධාන සැසිවාරය සැප්තැම්බර් 25 වැනිදා ආරම්භ කෙරෙන අතර එදින පස්වරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා  සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිත බවද සඳහන්.

ශ්‍රී ලංකා හමුදාවට එල්ලවී ඇති මානව හිම්කම් චෝදනා වලට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා රජය පාර්ශවයෙන් විශේෂ යෝජනාවලියක් මෙහිදී  ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බවද සඳහන්.

ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එක්සත් ජාතින්ගේ මහ මණ්ඩල සැසිවාරය අමතන සිවු වන අවස්ථාව මෙය වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now