SKIP TO MAIN CONTENT

ලාංකේය ටෙලි කලාවේ යශෝරාවය නිහඬ වෙයි.

Somaweera Senanayake passes away
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ නවකතාකරුවෙකු, පුවත් පත් කලාවේදියකු මෙන්ම ටෙලි නාට්‍ය තිර රචකයකු ලෙස කටයුතු කළ සෝමවීර සේනානායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

සති දෙකකට වැඩි කාලයක් ගිලන්ව සිටි සෝමවීර සේනානායක මහතා අභාවප්‍රාප්ත  වන විට  74 වැනි වියේ පසු විය.

රූපවාහිනී ප්‍රෙක්ෂකයන් අතර මහත් ජනප්‍රියත්වයට පත් මෙන්ම උසස් ගනයේ ටෙලි නාට්‍ය ලෙස සැලකෙන මවකගේ ගීතය, පළිඟු මැණිකේ, මිහිකතගේ දරුවෝ, යශෝරාවය, දූ දරුවෝ, මැණික් නදිය ගලා බසී, අසල්වැසියෝ - 1, අසල්වැසියෝ - 2, කන්දේ ගෙදර, චරිත තුනක්, ගිරය, සිටුවරයෝ, නෑදෑයෝ, සෙනෙහෙවන්තයෝ,  උතුරු කුරු සටන ඇතුළු ටෙලිනාට්‍ය රැසක පිටපත් රචනය කරන ලද්දේ සෝමවීර සේනානායක මහතා විසිනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now