SKIP TO MAIN CONTENT

සිරියාවට ගැසූ එකඳු මිසයිලයක්වත් වැලක්වීමට රුසියාවට හැකිවුණේ නැහැ : ඩොනල්ඩ් ට්‍රම්ප්

Donald Trump
Donald Trump

2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

සිරියාවේ රසායනික ප්‍රහාරයට ලක්වුණු ඩුමා නගරය වෙත රසායනික අවි වාරණය සඳහාවූ අන්තර්ජාතික සංවිධානය හෙවත් OPCW සංවිධානයෙන් පිරිසක් යැවීමට කටයුතු කරන බවට රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි. රසායනික අවි ප්‍රහාරය සිදුවූ ස්ථානවල සාක්ෂි මකා දමා, අන්තර්ජාතික නිරීක්ෂකයින් එම ස්ථාන වලට ලඟාවීම වැලක්වීමට රුසියාව කටයුතු කොට ඇති බවට ඇමරිකා විසින් එල්ල කරන ලද චෝදනා හමුවේ රුසියාව මෙම නිවේදනය නිල වශයෙන් නිකුත් කොට ඇත.

සිරියාවේ අසාද් ජනාධිපති වරයා පාලනයට එරෙහිව රටතුල ක්‍රියාත්මක කැරලි කණ්ඩායම් ඉලක්කකොට සිරියානු රජයට සහයෝගය ලබාදෙන රුසියාව විසින් මෙම ක්‍රියාව සිදුකන ලද බවට එල්ල වන චෝදනා රුසියාව තරයේ ප්‍රතික්ෂේප කොට තිබේ. මෙම ක්‍රියා කලාපයට එරෙහිව ඇමරිකාව විසින් සිරියාව වෙත මිසයිල ප්‍රහාරයක් ද එල්ල කරනු ලැබිය. එසේම රුසියාවට එරෙහි සම්භාදක තවදුරටත් පුළුල් කිරීමට බලාපොරොත්තුවන බව එක්ෂත් ජාතීන්ගේ ඇමෙරිකානු නියෝජිතවරිය වන නිකි හේළි එක්සත්ජාතීන්ගේ ආරක්ෂක සමුළුවේදී පවසා තිබිණ.

කෙසේ වෙතත් රසායනික අවි වාරණය සඳහාවූ අන්තර්ජාතික සංවිධානයෙහි රුසියානු නියෝජිත ඇලෙක්සැන්ඩර් ශල්ගින් පවසා තිබුනේ මෙම සිදුවීමේදී ඇමරිකාව අත්තනෝමතිකව ක්‍රියාකරන බවයි.

මේ අතර, බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ, සිරියාවට එල්ල කල මිසයිල ප්‍රහාරයට ඇමරිකාව සමඟ සම්බන්ධ වීමට සිදුවීම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී සධාරිනිකරණය කරයි. ඇමරිකාව සහ ප්‍රංශය ගෙනා යෝජනාවට ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට සිදුවූ බවද, රසායනික ප්‍රහාරවලට විරෝධතාව දක්වන රටක් ලෙසින් බ්‍රිතාන්‍ය එවැනි යෝජනාවකට සහයෝගය දැක්විය යුතුව තිබුණු බවද අගමැතිනි තෙරේසා මේ, මේ පිළිබඳව ප්‍රකාශයක් කරමින් කියා සිටියාය.

මේ අතර ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රුම්ප් තම නව ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් පැසසුමට ලක්කොට තිබේ. සිරියාවට මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ තීරණයේදී බෝල්ටන් ගේ ක්ෂණික ක්‍රියාකාරිත්වය පැසසුමට ලක්කළ ජනාධිපති ට්‍රම්ප් පැවසුයේ ඇමරිකාව එල්ල කරන ලද මිසයිල 100 න් එකඳු මිසයිලයක් හෝ ව්‍යර්ථ කිරීමට රුසියාවට නොහැකිවූ බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now