SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු දේශාපාලනය පිළිබඳ 2019 වසරේ මංගල මත විමසුමේ ප්‍රතිඵල මෙන්න.

AUSpol
Source: SBS

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියානු දේශාපාලනය සමබන්ධව 2019 නව වසර සඳහා සිදුකල පළමු ජනතා මත විමසුමේදී ඡන්ද දායකයාගේ පළමු මනාපය සඳහා වන කැමැත්ත අගයන් දෙකකින් ඉහල නංවා ගැනීමට වත්මන් මොරිසන් රජය සමත් වෙයි.

කෙසේවෙතත්  කම්කරු පක්ෂය තවමත් පළමු මනාපය ලබාගැනීම අතින් වැඩි ජනප්‍රියතාවක් ලබාගනිමින් ඉදිරියෙන් සිටි.

The Australian පුවත්පත මඟින් නව නව වසරේ සිදුකල පළමු ජනතා මත විමසුම ජනවාරි මස 24 දා සිට 26 දා තෙක් පැවැත්වුණු අතර ඊට ඔස්ට්‍රේලියානු ඡන්ද අයිතිය හිමි පුද්ගලයන් 16,000 ක් සහභාගී වී තිබේ.

එහිදී කම්කරු පක්ෂය 53% ක ජනතා කැමැත්තක් ලබා ඇති අතර තම පක්ෂ ජනප්‍රියතාව අගයයන් දෙකකින් ඉහල නංවා ගනිමින් මොරිසන් රජය 47% ක ජනප්‍රියතාවක් හිමිකොටගෙන තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now