SKIP TO MAIN CONTENT

රුහුණු කරගම දේවලයේ බස්නායක නිලමේ ධුරයෙන් මාව පන්නා දමන්න බැහැ : බස්නායක නිලමේ ඩී.පී.කුමාරගේ ප්‍රකාශ කර සිටී.(වීඩියෝ සහිතයි)

Katharagama Dewalaya -
Sri Lanka

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Presented by Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

රුහුණු කරගම දේවලයේ බස්නායක නිලමේධුරයෙන් තමන් ඉවත් කර නොමැති බවත් විහාර දේවාලගම් ආඥාපනතට අනුකූලව නිතියානුකූලව පත්වූ තමන්  නිල කාලය අවසන් වන තුරු දේවාලයේ සංවර්ධන කාර්යයන් කරමින් එම ධූරය  හොබවන බව බස්නායක නිලමේ ඩී.පී.කුමාරගේ මහතා ප්‍රකාශ කර  සිටී.

1931 අංක 19 දරන විහාර දේවාගම් ආඥා පනතට අනුව ඡන්දයෙන් පත් වූ තමන්ට තවත් වසර දෙක හමාරක කාලයක් රුහුණු කතරගම මහ දේවලයේ බස්නායක නිලමේධූරය හෙබවීමට නීත්‍යානුකූල අවසරය ඇති බවත් කිසිවෙකුට යම් සාධාරණ චෝදනාවකින් තොරව මෙම තනතුරින් තමන් ඉවත කළ නොහැකි යැයි ඊයේ  ( සැප්තැම්බර් 03) මහනුවර දී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කොට සිටියේය.

ඇතැම් මාධ්‍යවල තමන් ධූරයෙන් ඉවත් කොට වෙනත් අයෙකු පත් කර ඇති බව සදහන් වාර්තා පළ වී ඇති බවත් එම ප්‍රවෘත්ති වාර්තා සත්‍යයෙන් තොර යැයි කී බස්නායකනිලමේවරයා තමන් ඉවත් කොට ඇති බව දැනගත් මහා සංඝරත්නය හා සැදැහැවතුන් දැඩි කම්පාවට පත්ව දුරකථන ඇමතුම් විශාල ප්‍රමාණයක් තමන්ට ලබාදුන් බව කීවේය. එසේම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා හා විෂයභාර අමාත්‍යවරයා දැනුවත් කළ බව ද බස්නායක නිලමේවරයා කීවේය.

රුහුණු කතරගම මහා දේවාලයේ යතුරු සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් කපුරාළවරුන් හා තමන් අතර අර්බුදයක් ඇතිවූ නමුත් එහි සත්‍යතාව ඉදිරියේදී හෙළි වනු ඇතැයි ද දේවාලයේ සංවර්ධන කටයුතු අඛණ්ඩව සිදු කිරීම හා කපු රාළලාගේ උපදෙස් පිළි නොපැදීම හේතුවෙන් තමන්ට විවිධ බලපෑම් එල්ලවන නමුත් ඒ බලපෑම් පසෙකලා දේවාලයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්නා බව ද බස්නායක නිලමේවරයා ප්‍රකාශ කළේය.

යතුරු සම්බන්ධ ගැටලුව සම්බන්ධයෙන් මේ වන විට බෞද්ධ කටයුතු කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් පවත්වන බවත් මෙම මස 12 වන දින එහි තීරණය දැන ගත හැකි යැයි කී බස්නායකනිලමේවරයා එදින වරදකරුවන් නිවරැදිකරුවන් කවුරුන්ද යන්න රටට හෙළි වන ඇතැයි කීවේය.

තමන් ධූරයෙන් ඉවත් කොට වෙනත් අයෙකු පත් කළ බව සදහන් වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් සිය නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ද බස්නායක නිලමේ ඩී.පී.කුමාරගේ මහතා වැඩිදුරටත්  සදහන් කළේය.

කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල වැඩසටහනේ Facebook පිටුවට


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now