SKIP TO MAIN CONTENT

මැතිව්ස්ට අස්වෙන්න කියා චන්දිමාල්ව නායකත්වයට පත් කරයි.

Mathews removed as ODI captain, Chandimal takes over
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක් දින තරග සහ 20-20 නායකත්වයෙන් ඇන්ජලෝ මැතිව්ස් හට ඉවත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් පවසා ඇති අතර නව එක් දින තරග සහ 20-20 නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් පත් කර තිබෙන බව ESPNCRICINFO වෙබ් අඩවිය වාර්තා කරයි.

මෙවර ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකාව පළමු වටයේ පළමු තරග දෙකම එකපිට දැවැන්ත ලෙස පරාජය වීමත් සමග මැතිව්ස් හට අධික විවේචන මෙන්ම පීඩනයක් එල්ලවන්නට විය.

කෙසේවෙතත්, මීට මාස 10 කට පෙර ඇන්ජලෝ මැතිව්ස්ට නැවත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක් දින තරග සහ 20-20 නායකත්වය බාරගන්නා ලෙසට ආරධනා ලැබුණු අතර එතැන් පටන් ඔහු නායකයෙකු ලෙස අසාර්ථක වීම මීට හේතුවී තිබේ.

ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා ලෙස කටයුතු කරන දිනේෂ් චන්දිමාල් ටෙස්ට් තරග වලදී සාර්ථක ප්‍රතිඵල අත්කරදී බැවින් ඔහුව එක් දින තරග සහ 20-20 නායකයා ලෙසටද නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

පසුගිය මාස 18 තුළදී එක් දින තරග සඳහා ශ්‍රී ලංකා පිළේ නායකයින් 6 දෙනෙකු ක්‍රියා කළ අතර මැතිව්ස් හා චන්දිමාල්ට අමතරව උපුල් තරංග, ලසිත් මාලිංග, චාමර කපුගෙදර සහ තිසර පෙරේරා  ඒ අතර වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now