ඕස්ට්‍රේලියාවේ කැන්බරා හි මනුකා ඕවල් ක්‍රීඩාංගනයට ටෙස්ට් වරම්.

එළඹෙන 2018 -19 ජාත්‍යන්තර තරග වාරයේදී ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගයක් මනුකා ඕවල් ක්‍රීඩාංගනයේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය බවට පත් වනු ඇති.

Lights illuminate Manuka Oval venue for the Cricket World Cup Pool B match between South Africa and Ireland as the sun sets in Canberra, Australia, Tuesday, March 3, 2015. (AP Photo/Rob Griffith)

Lights illuminate Manuka Oval Canberra, Australia, Tuesday, March 3, 2015. (AP Photo/Rob Griffith) Source: AP

කැන්බරා  හී  මනුකා  ඕවල් ක්‍රීඩාංගනයට ටෙස්ට් ක්‍රිකට් තරග පැවැත්වීමේ අවස්ථාව ලබාදීමට ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනය තීරණය කර තිබේ. ඒ අනුව

එළඹෙන 2018 -19 ජාත්‍යන්තර තරග වාරයේදී ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගයක් මනුකා  ඕවල් ක්‍රීඩාංගනයේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය බවට පත් වනු ඇති.

මේ සමගින් මනුකා  ඕවල්  ක්‍රීඩාංගනය ඕස්ට්‍රේලියාවේ 10 වැනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගනය බවට පත් වනු ඇති. මනුකා  ඕවල්  ක්‍රීඩාංගනයට ටෙස්ට් තරගයක් පැවැත්වීමේ අවස්ථාව හිමි වීමත් සමගම හෝබාර්ට් හී  බෙල්රිව් ඕවල් ක්‍රීඩාංගනයට ටෙස්ට් ක්‍රිකට් තරගයක් අහිමි වනු ඇති බව සදහන්.

මේ වන විට කැන්බරා  හී  මනුකා  ඕවල් ක්‍රීඩාංගනයේ එක දින ජාත්‍යන්තර තරග 10ක් පවත්වා ඇති අතර, ACT කලාපයේ ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනයට ලබාදෙන පිළිගැනීමක් ලෙස මනුකා  ඕවල් ක්‍රීඩාංගනයට ටෙස්ට් වරම් හිමි වීම හැදින්විය හැකි බව ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනයේ ප්‍රධාන විධායක James Surtherland ප්‍රකාශ කර තිබේ.

ACT කලාපයේ සහ නිව් සවුත්වේල්ස් දකුණු ප්‍රදේශයේ මිලියනයකට අධික ජනතාවක් වෙසෙන බවත්, මේ නිසා මනුකා  ඕවල් ක්‍රීඩාංගනයට ටෙස්ට් ක්‍රිකට් තරග පැවැත්වීමට අවස්ථාව ලබාදීම ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනයට හේතු වනු ඇති බවත් Surtherland මහතා පවසයි. තවද මේ වසර අගදී නවසිලන්ත ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට නියමිත අතර, එම සංචාරය යටතේ ඕස්ට්‍රේලියාව  සහ නවසීලන්තය අතර එක දින තරගයක් එළඹෙන දෙසැම්බර් මාසයේදී මනුකා  ඕවල් ක්‍රීඩාංගනයේදී  පැවැත්වීමට නියමිතයි.

 

Australian Capital  territory ක්‍රිකට් ඉතිහාසය තුල ඔවුන් ලැබූ විශාලතම ජයග්‍රහණය, මනුකා  ඕවල් ක්‍රීඩාංගනයට ටෙස්ට් වරම් හිමි වීම බව ACT  ප්‍රධාන අමාත්‍ය Andrew Barr  ප්‍රකාශ කර තිබේ.  2018- 19 තරග වාරයේදී මනුකා ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගය ඉලක්ක කරගනිමින් ක්‍රීඩාංගනය සහ ඒ අවට සංවර්ධනය කිරීමේ වැඩසටහන් කීපයක් ක්‍රියාත්මක බහ ප්‍රධාන අමාත්‍ය වරයා වැඩි දුරටත් සදහන් කළේය. මාධ්‍යවේදීන් සදහා සැපයෙන පහසුකම්, ක්‍රීඩකයින් සදහා ඇති පහසුකම් සහ ප්‍රේක්ෂකයින් සදහා පවතින පහසුකම් මෙලෙස වැඩි දියුණු කෙරෙන බව සදහන්.

තවද GWS Giants, ඕස්ට්‍රේලියානු පාපන්දු (AFL) ක්‍රීඩා සමාජය මගින් මනුකා ඕවල් ක්‍රීඩාංගනය සහ ඒ අවට ප්‍රදේශය සංවර්ධනයට ඩොලර් මිලියන 800ක යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.


2 min read

Published

Updated

By Sanjaya Dissanayake


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now