SKIP TO MAIN CONTENT

ලංකාවට ආවේණික නව මැඩි විශේෂයක් සොයා ගැනේ.

New frog species found in Knuckles.
Source: SBS Sinhalese - Nadeka Daya Bandara

1 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

ශ්‍රී ලංකාවට ආවේණික නව මැඩි විශේෂයක් නකල්ස් ලෝක උරුම රක්ෂිතයෙන් හදුනා ගැනීමට පර්යේෂක කණ්ඩායමක් සමත්වී තිබේ.

නකල්ස් ඉහළ රක්ෂිතයේ ජලාධාරවල පිරිසිදු ජලයේ කදු මුදුන්වල  ජීවත්වන මෙම නව මැඩි විශේෂය Lankanectes pera  ලෙසින් නම් කොට ඇත.

ඒ පිළිබදව කරන ලද ජාත්‍යන්තර පර්යේෂණ පතිකාව පසුගිය අගෝස්තු 23 වන දින එළිදැක්වූ බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී.දිසානායක මහතා පැවසීය.

වසර හතක පමණ කාලයක්  කරන ලද පර්යේෂණයකින් නකල්ස්  පමණක් ආවේණික මෙම මැඩි විශේෂය හදුනාගෙන ඇති අතර එය විශේෂය Lankanectes pera   ලෙසින් නම් කර ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ගෞරවයක් ලබාදීම සඳහාය.

මෙම පර්යේෂක කණ්ඩායමේ වැඩි පිරිසක් පේරාදෙණිය විශ්ව  විද්‍යාලය හා සම්බන්ධ පර්යේෂකයන් වෙති.

ඉතාම දුර්ලභ මෙම මැඩි විශේෂය වැඩි වශයෙන් ජලයේ ජීවත්වන අතර නකල්ස් ලෝක උරුම ඉහළ වනාන්තරය මෙම සත්වයාගේ වාසභූමිය බවට පත්ව ඇත.  

ගයනි සෙනෙවිරත්න, ප්රදීප් සමරවික්රම , නයන විජයතිලක,   කැළුම් මනමේන්ද ආරච්චි, ගයාන් බෝවත්තේ, ඩී.ආර්.එන්.එස්. සමරවික්රම, මාධව මීගස්කුඹුර, යන අයවලුන්ගෙන් සමන්විත පර්යේෂණ කණ්ඩායම විසින් නව මැඩි විශේෂය හදුන්වා දී තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now