SKIP TO MAIN CONTENT

මෙවැනි දරුණු ලැව්ගිනි සමයක් පැමිණෙන බවට කලින් සිට ඉඟි තිබුනා : ඕස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශය හෙළිකරයි

Rural Fire Service volunteers (RFS) and Fire and Rescue NSW officers (FRNSW) contain a small bushfire which closed the Princes Highway south of Ulladulla, Sunday, January 5, 2020.
Rural Fire Service volunteers (RFS) Source: AAP Image/Dean Lewins

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ඔස්ට්‍රේලියාවට බලපා ඇති මෙම දරුණු ලැව්ගිනි තත්වයෙහි පුර්ව නිමිති, මීට වසර දෙකකට පෙර සිටම ඇති බවට සාක්ෂි පෙනෙන්නට තිබෙන බව කාලගුණ විද්‍යා කාර්යාංශය පවසයි.

පසුගිය 2019 වසර ඕස්ට්‍රේලියාවේ මේ වන තෙක් පැවති උණුසුම්ම හා වියලිම වසර ලෙසට මේ වන විට වාර්තා වී තිබේ. එසේම පසුගිය වසරේ සමස්ත උෂ්ණත්වයේ සාමාන්‍යය, පෙර වසර වලට වඩා සෙල්සියස් අංශක 1.52 කින් ඉහල ගොස් ඇත.

එසේම පසුගිය වසරේදී සාමාන්‍ය වර්ෂාපතන එකතුව මෙතක් වාර්තාගත අඩුම අගය වන මිලිමීටර 277 කි.

කාලගුණ කාර්යාංශයේ ආචාර්ය කාල් බ්‍රැගන්සා පවසන්නේ මෙම පුර්ව කාලගුණික වෙනස්කම් දරුණු සහ දීර්ඝ ලැව්ගිනි සමයක පෙර නිමිති බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now