SKIP TO MAIN CONTENT

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ගැඹුරින් අධ්‍යයනය කළ යුතුයි: පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පවසති

Ven. Medagama Dhammanada Thero
Ven. Medagama Dhammanada Thero Source: SBS Sinhala

2 min read

Published

Updated

By Gamidu Agampodi


Skip to article content

ත්‍රස්ත ක්‍රියාවන් සම්බන්ධයෙන් දඬුවම් දීම සඳහා ප්‍රමාණවත් නීති රට තුළ පැවතියදී ප්‍රතිත්‍රස්ත පනත නමින් පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමට රජයේ අවධානය යොමු කිරීම පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කළ යුතුව ඇතැයි අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පවසති.

මනුෂ්‍ය ඝාතන ත්‍රස්තවාදී ක්‍රියාවන් සම්බන්ධයෙන් දඬුවම් ලබාදීම සඳහා ප්‍රමාණවත් නීති පද්ධතියක් රට තුළ ක්‍රියාත්මක වන නමුත් ප්‍රතිත්‍රස්ත පනත වැනි අණපනත් සම්මත කිරීමේදී එහි අන්තර්ගතය පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතුව ඇතැයි අද (29) අස්ගිරියේදී පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

මහා සංඝරත්නය විටින් විට අවවාද උපදෙස් ලබා දෙන අවස්ථාවන්හිදී බොහෝ පාලකයන් එය නොසලකා හරිමින් කල්ගත කරන තත්ත්වයක් පැවතුණ බව කී උන්වහන්සේ තවදුරටත් මෙසේ සඳහන් කළහ.

"මහා සංඝරත්නයේ අනුශාසනා නොසලකා හරිමින් ඇතැම් දේශපාලඥයන් උන්වහන්සේලාට අපවාද චෝදනා එල්ල කරමින් ක්‍රියාත්මක වුණු තත්ත්වයක් පසුගිය කාලයේදී දක්නට ලැබුණා.

නමුත් බොහෝ දේශපාලඥයන් ජනතාවගේ අවශ්‍යතා, ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කළේ නැහැ. ආරක්ෂක කටයුතු පිළිබඳව දේශපාලනඥයින් මීට වඩා දැනුවත් වුණා නම් මෙවැනි විශාල මනුෂ්‍ය ඝාතනයක් සිදු නොවීමට ඉඩ තිබුණා.

රාජ්‍ය පාලනයෙන් තොරව ආගමික සංවිධාන වල නාමයෙන් ක්‍රියාත්මක වන අධ්‍යාපන ක්‍රම, නීති පද්ධති ආදිය පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුයි"

එවැනි පද්ධති නිසා රටේ සංහිඳියාවට බාධාකාරී තත්ත්වයන් සිදුවන බව මහා සංඝරත්නය සහ අනෙකුත් ආගමික නායකයන් නිරන්තරයෙන් ම පෙන්වා දුන්නා යැයි අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානනද හිමියන් වැඩිදුරටත් සදහන් කළහ.

 

SBS correspondent - Nadeeka Bandara 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now