SKIP TO MAIN CONTENT

ආසියානු කුසලානය 2018 : ශ්‍රී ලංකාවේ තීරණාත්මක තරගය අද.

Asia Cup 2018
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

2018 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද (17/09) රාත්‍රී 9.30 ට ආරම්භ වේ.

ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගයේදී බංග්ලාදේශය ලකුණු 137 ක දැවැන්ත ජයක් ශ්‍රී ලංකාවට එරෙහිව අත් කරගත්තේය.

මේ අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස ඊයේ පාකිස්ථානය හා Hong Kong  අතර පැවති තරගයෙන් කඩුලු 8ක ජයක් ලබන්නට පාකිස්ථානය සමත් විය.

අද පැවැත්වෙන තරගය ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයක් වන අතර තරගාවලියේ මීළඟ වටයට සුදුසුකම් ලැබීමට නම් අද තරගය ජයගැනීම ශ්‍රී ලංකාවට අනිවාර්ය වෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now