SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගයේ 3 වන දිනය : ලංකාව වාර්තා තබමින් තවත් ඉහළට.

SL vs Ban Test 1
Source: AFP

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන ඊයේ (02/02) දිනය නිමා වන විට ප්‍රථම ඉනිම ඇරඹු ශ්‍රී ලංකාව කඩුලු 3 කට ලකුණු 504 ක් ලබා ප්‍රබල මට්ටමක සිටියි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 196 ක් රැස් කරගත් අතර ඔහුගේ ටෙස්ට් දිවියේ ප්‍රථම ද්විත්ව ශතකය ඔහුට ලකුණු 4 කින් අහිමිවී ගියේය.

කුසල් මෙවර වාර්තා කළේ තම සිව්වන ශතකය වේ.

ඊට අමතරව ධනංජය ද සිල්වා ලකුණු 173 ක් ලබා ගත්තේය.

මේ වන විට රොෂේන් සිල්වා නොදැවී ලකුණු 87 ක් සහ නායක දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 37 ක් ලබා කඩුල්ලේ රැදී සිටිති.

දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන රොෂේන් සිල්වා ඊයේ ලබා ගත්තේ තම දෙවැනි ටෙස්ට් අර්ධ ශතකය වේ.

දෙවැනි කඩුල්ල සදහා ධනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස් පැවැත්වූ ලකුණු 308 ක සම්බන්ධතාවය ශ්‍රී ලංකා පිතිකරු යුගලයක් විසින් බංග්ලාදේශයට එරෙහිව ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පවත්වා ඇති හොඳම සම්බන්ධතා අතර දෙවැන්න ලෙස වාර්තා වේ.

මීට පෙර කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන තෙවැනි කඩුල්ල සදහා පැවැත්වූ ලකුණු 311 ක සම්බන්ධතාවය ශ්‍රී ලංකා පිතිකරු යුගලයක් විසින් බංග්ලාදේශයට එරෙහිව පැවැත්වූ ඉහළම ලකුණු සම්බන්ධතාවය ලෙස වාර්තා වේ.

බංග්ලාදේශය සිය ප්‍රථම ඉනිමේදී සියලුම දෙනා දැවී ලකුණු 513 ක් ලබා ගත්තේය.

එය ඔවුන් ටෙස්ට් තරගයකදී රැස්කළ පස්වැනි ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේය.

ලකුණු 638 ක් ලබාගනිමින් බංග්ලාදේශ කණ්ඩායම රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ද  ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේදී පිහිට වූවකි.

බංග්ලාදේශය වෙනුවෙන් මොමිනුල් හක් ලකුණු 176 ක්ද මුෂ්ෆිකුර් රහීම් ලකුණු 92 ක් ද ලබාගත්තේය.

අද (03/02) තරගයේ සිව්වන දිනය වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now