SKIP TO MAIN CONTENT

භෞතික විද්‍යාවේ හරඹ පෑ නූතන යුගයේ ‘අයින්ස්ටයින්‘ දිවි ගමනට තිත තබයි.

In 1963, Hawking was diagnosed with an early-onset slow-progressing form of motor neurone disease.
In 1963, Hawking was diagnosed with an early-onset slow-progressing form of motor neurone disease. Source: SBS

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

බ්‍රිතාන්‍ය ජාතික භෞතික විද්‍යාඥයෙකු වූ මහාචාර්ය ස්ටීවන් හෝකින් අද (14/03) අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිය යන විට 76 වන වියේ පසුවූ ඔහු කලක සිට පැවති රෝගයක් හේතුවෙන් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය අසළ පිහිටි සිය නිවස තුළ දී ම මිය ගොස් ඇත.

කළු කුහර, විශ්වයේ සම්භවය, එහි ආරම්භය, ව්‍යුහය, කාලය සහ අවකාශය අතර සම්බන්ධතාවය වැනි දෑ පිළිබඳව සොයා ගෑනීම් කිරීමට වෙහෙසුනු ඔහු නූතන යුගයේ ‘අයින්ස්ටයින්‘ ලෙසින් බොහෝ දෙනා හඳුන්වනු ලැබීය.

වයස අවුරුදු 22 සිට ස්නායුගත රෝගී තත්ත්වයකින් පෙළුණු හෝකිං සිය ජීවිතයේ වැඩි කාලයක් ගතකරන ලද්දේ රෝදපුටුවක් මතය.

ඔහුගේ අවසාන වසර කිහිපය තුළ ඔහුට කතා කිරීමට නොහැකිවූ අතර ඔහු අදහස් ප්‍රකාශ කළේ කතාකරන පරිගණකයක් හරහාය.

1942 ජනවාරි 08 වැනිදා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් හිදී උපත ලද ස්ටීවන් ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාල වලින් තම උපාධිය සහ පශ්චාත් උපාධිය ලබා ගත්තේය.

1964 දී ඔහුට වැළඳුනු ස්නායු රෝගයකින් ඔහුව අඩපන වූ අතර 1985දී නිව්මෝනියාව වැළඳී ඉතා අසාධ්‍ය තත්ත්වයකට ඔහුව පත්විය.

ස්ටීවන් ජීවත් වේ යැයි කියා පවා වෛද්‍යවරු විශ්වාස කළේ නැත.

එහිදී සැත්කමක් මඟින් ශ්වාසනාල ද්වාරය ඉවත් කිරීමට සිදු වීම නිසා සදාකාලිකව ස්ටීවන්ට ඔහුගේ කටහඬ අහිමි විය.

පසුව ඔහු පරිගණක ආධාරයෙන් ඔහුගේ වාචික සන්නිවේදනය රෝද පුටුවේ සිටම සිදු කරමින් මිය යනතුරුම ඔහුගේ දැනුම ලෝකයට බෙදා දුන්නේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now