SKIP TO MAIN CONTENT

කෝණ මංගල්‍යය හරහා ආදි වාසී ජනයා අවුරුදු සැමරූ හැටි....

New Year's Celebration of the Dabana Indigenous People
Source: SBS Sinhala

2 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

කෝණ මංගල්‍යය හෙවත් ආදි වාසී ජනයා සහභාගීවන අවුරුදු උත්සවය   ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන්ගේ ප්‍රධානත්වයෙන් දඹාන ජන උරුම කේන්ද්‍රයේදී පැවැත්විණි.

පුරාණ චාරිත්‍රවලට මුල් තැන දෙමින් මෙම කෝණ මංගල්‍ය ආරම්භ විය.  ආගමිකවතාවත් පැවැත්වීමෙන් පසු හිටපු ආදිවාසී නායක තිසාහාමිගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ ආදිවාසීන් සිය අවුරුදු උත්සවය ආරම්භ කළෝය.

ඉලක්කයට දුනු හීයෙන් විදීම, ගල් දුන්නෙන් විදීම, හොදම හූව, පැණි කැඩීම, හොදම හිනාව සහ ඇඩීම ඇතුලු  අංග රාශියකින් මෙම අවුරුදු උත්සවය සමන්විත විය.

සිංහල දමිළ ජනතාව අවුරුදු උත්සවය සමරන අයුරින්ම ආදිවාසී ජනතාව ද සිය සිරිත් විරිත් ඉටුකරන බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන් ප්‍රකාශ කළේය.

වනය තුලදී ස්වාභාවික හේතුමත අසීරුතාවට පත්වන ආදි වාසීන් තමන් ලැබූ අත්දැකීම් සෙසු සාමජිකයන්ට අංගනයෙන් කියා පෑමක් ද මෙම අවුරුදු උත්සවයේදී කරන බව ආදිවාසී නායකයා කියා සිටියේය. බඹර කැඩීම සදහා වන දුර්ගය වෙත පැමිණෙන හැඩිදැඩි ආදි වාසීන්ට වලසුන්ගේ ප්‍රහාරයන්ට නිරන්තරයෙන් ගොදුරුවීමට සිදුවන අතර එය සංකේතවත් කරමින් බඹර කැඩීමේ අංගය ද අවුරුදු උත්සවයේදී විදහා පෑමට ආදි වාසීන් කටයුතු කළෝය.

New Year's Celebration of the Dabana Indigenous People
Source: SBS Sinhala

මහ වනයේදී ඹබර වද කැඩීම අසීරු කාර්යයක් වන අතර එය වඩාත් අසීරුවන්නේ වලසා විසින් කඩන ඹබර වලසාට නොදැනෙන ලෙස එකතු කර ගැනීම වේ. ගස් බෙන, ගල් ගුහා ආදියේ බැද ඇති වද වලසා විසින් ආහාරයට ගන්නා අතර ඔහු ඉන් කොටසක් රැගෙන යාමට කටයුතු කරන අතර ආදි වාසීන් එම කොටස වලසාට නොදැනෙන ලෙස සොරකම් කරයි. එම අසීරු කාර්යය සංකේතවත් කරමින් අංගනයෙන් ඉදිරිපත් කළ බඹර වද කැඩීමේ චාරිත්‍රය කාගේත් සිත් ගන්නා සුලු විය.

දඹාන ජන උරුම කේන්ද්‍රයේදී පැවැති මෙම අවුරුදු උත්සවය සදහා ආදිවාසීන් විශාල පිරිසක් සහභාගී වූ අතර එය දැක බලා ගැනීම සදහා දේශීය සංචාරකයන් සහභාගීව සිටියහ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now