ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වල වෙනස් මතදාරීන් කොන් කෙරෙන උපසම්ප්‍රදායන් නැති කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා සැරසෙයි (SBS සිංහල / වාර්තා)

s

Source: AAP

මේ වසර අග වන විට ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වල වෙනස් මතදාරී සිසුන් කොන් කිරීමේ සංස්කෘතිය මුලිනුපුටා දැමීම සදහා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සදහා රෙගුලාසි මාලාවක් ඉදිරිපත් කරන ලෙස අධ්යාපන  අමාත්‍ය Dan Tehan විශ්ව විද්‍යාල වලින් ඉල්ලා තිබේ. 

Cancel Culture යනුවෙන් හැඳින්වෙන මෙම වෙනස් මතදාරී කණ්ඩායම් කොන් කිරීමේ සම්ප්‍රදාය නැති කිරීමට අග්‍රාමාත්‍ය Scott Morrison මහතා තීරණය කොට තිබේ.

අධ්‍යාපන අමාත්‍ය Dan Tehan විසින් ප්‍රධාන විශ්ව විද්‍යාල එක් කරන ආයතනය වන Universities Australia වෙත පවසා ඇත්තේ ඔහුට සපයා ඇති විමර්ශන 3ක යෝජනා අනුව විශ්ව විද්‍යාල පද්ධතියේ වෙනසක් ඇති කිරීමට කටයුතු කල යුතු බවයි. මෙහි එක යෝජනාවක් වන්නේ ලිබරල් අදහස් දරන පිරිස් විසින් පවසා ඇති පරිදි විශ්ව විද්‍යාල වල වෙනස් මත දාරීන් කොන් කිරීම නැති කිරීමට අවශ්‍ය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පිළිබද ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

අමාත්‍යවරයා පවසා ඇත්තේ විශ්ව විද්‍යාල වල කුලපතිවරුන් ඇතුළු නායකයින් සිසුන්ට මෙම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යනු කුමක්දැයි පෙන්වා දිය යුතු බවයි.

එමගින් අපට විරුද්ධ අදහස් ඇති පුද්ගලයන් එම මත නිසා කොන් කිරීම කල නොහැකි බවත් , අන් අයගේ අදහස් ඉවසිය හැකි බව ඔවුන්ට ඒත්තු ගැන්විය යුතු බව ඔහු පවසා තිබේ.
රජයට අවශ්‍ය මේ සදහා නීති පද්ධති මේ වසර අග වන විට විශ්ව විද්‍යාල විසින් ක්‍රියාත්මක කිරීමටයි.

එසේම විශ්ව විද්‍යාල සිසුන් අතර සමීක්ෂණයක් සිදු කොට ඔවුන් සියලු දෙනාගේ මත වලට අවස්තාවක් ඇති බවට විමසා බැලීමත් සිදු වනු ඇති.
මේ වන විට කොරෝනා වයිරසය නිසා චීන සිසුන් 95,000ට පමණ විශ්ව විද්‍යාලයට ඒමට නොහැකි නිසා විශ්ව විද්‍යාල පද්ධතිය දැඩි අර්බුධයකට මුහුණ දී සිටී.

මේ පිලිබදව ක්‍රියා කල ආකාරය පිළිබද විශ්ව විද්‍යාල වලට ප්‍රසංශා කරන අමාත්‍යවරයා පවසන්නේ ඔහු සියලු බලධාරීන්ට එම ඒමට නොහැකිව සිරවී සිටින සිසුන්  වෙත විකල්ප ලෙස  අධ්‍යාපනය ලබා දීමේ නම්‍යශීලී තාවට ඉඩදී ඇති බවයි. මෙම වයිරසය පිළිබද තර්ජනය අඩු වී නැවත එම සිසුන්ට ඔස්ට්‍රේලියාවට ඒමට හැකි වන තුරු සියලු දෙනා එක්ව විසදුම් සෙවිය යුතු බවද Tehan මහතා පවසා තිබේ.

Source: SBS News


Share

Published

By Charitha Adikari

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වල වෙනස් මතදාරීන් කොන් කෙරෙන උපසම්ප්‍රදායන් නැති කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා සැරසෙයි (SBS සිංහල / වාර්තා) | SBS Sinhala