ඕස්ට්‍රේලියාවේ කොරෝනා වයිරසය ආසාධිත 9 වැනියාත් වාර්තා වේ (SBS සිංහල / වාර්තා)

a

Source: AAP

 

ඕස්ට්‍රේලියාවේ කොරෝනා වයිරසය ආසාධිත 8 වැනි රෝගියා වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වී ඇත. ඒ 40 හැවිරිදි චීනයේ Hubei සිට ඕස්ට්‍රේලියාවේ සංචාරයකට පැමිණි කාන්තාවක් බවද සදහන්. ඇය මේ වන විට ස්ථාවර තත්වයේ පසු වන බව සදහන්.

මේ අතර රෝගය ආසාධිත  9 වැනි රෝගියා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන්  වාර්තා වී ඇත. ඒ චීනයේ  වුහාන් සිට පැමිණි 42 හැවිරිදි කාන්තාවක් වේ. ඇය දැන් ගෝල්ඩ් කෝස්ට් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී 

මේ අතර මෙල්බන් සිට ගෝල්ඩ් කෝස්ට් දක්වා Tiger ගුවන් සේවයේ TT566 නම් යානයේ ජනවාරි 27 වැනිදා 44 හැවිරිදි චීන ජාතිකයෙකු මෙම වයිරසය ආසාධිතව ගමන් කොට ඇති බව හෙළි වීමෙන් පසුව ක්වීන්ස්ලන්ත බලධාරීන් පිරිසක් එම ගුවන් යානයේ ගමන් කල අනෙක් පුද්ගලයන් සොයමින් සිටී.

මෙම පුද්ගලයා වුහාන් නුවර සිට පැමිණි අතර ඔහු සමග තව 8 දෙනෙක්  සිට ඇත. ඔවුන්ගෙන් 4 දෙනෙකුම රෝගී තත්වයෙන් පසු වන නිසා ඔවුන්ද මේ වන විට පරීක්ෂාවට ලක් වෙමින් පවතී. මෙම ආසාධිත කාන්තාවත් එම ගුවන් යානයේ පැමිණි අයෙකි

ක්වීන්ස්ලන්ත අග්‍රාමාත්‍ය Annastacia Palaszczuk  පවසන්නේ Tiger ගුවන් සේවය අයිති Virgin සමාගම හරහා එම යානයේ සිටි සංචාරකයින් මේ පිලිබදව දැනුවත් කරන බවයි. මේ අතර ක්වීන්ස්ලන්ත ප්‍රධාන වෛද්‍ය නිලධාරී Jeannette Young පවසන්නේ ප්‍රාන්තයේ 41 දෙනෙකු වයිරසය ඇත්දැයි පරීක්ෂාවට ලක් වී ඇති බවයි. මෙය වාතය හරහා බෝ වන බව ජනතාව දැනුවත් විය යුතු බව ඇය පවසයි.

 ඒ නිසා සාමාන්‍ය flu එකෙන් ආරක්ෂා වන පරිදිම , අත් සේදීම, කහින හෝ කිමිහුම් අරින පුද්ගලයන්ගෙන් මීටර් එකක් පමණ දුරක් තබා ගැනීම , ඔබට අසනීප තත්වයක් ඇත් නම් නිවසට වී සිටීම අවශ්‍ය බව ඇය පවසයි.

මේ වන විට වසර 2002-2003 SARS වයිරසය ලෝකයේ ආසාධිත වූ ගණනට වඩා වැඩි පිරිසක් එනම් 7700ක් පමණ කොරෝනා වයිරසය ආසාධිතව සිටී. එයින් වැඩි පිරිස චීනයේ වන අතර SARS වැළදුණු ප්‍රමාණය 5327ක් වේ.

මේ අතර NSW හි ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Kerry Chant පවසන්නේ දැනට ප්‍රාන්තයේ හමුවූ රෝගීන් 4 දෙනාගෙන් දෙදෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලින් නික්ම ගොස් ඇති බවයි. අනෙක් දෙදෙනාද සාමාන්‍ය තත්වයේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

රජය මේ වන විට වුහාන් හි සිර වී සිටින ඕස්ට්‍රේලියානුවන් 600ක් පමණ ගුවනින් Christmas දුපත වෙත ගෙන්වා දින 14ක් යන තුරු නිරෝධායනය කිරීමටද කටයුතු යොදා ඇත.

මේ වන විට ක්වීන්ස්ලන්තයෙන් එක් අයෙකුත් , වික්ටෝරියාවෙන් තිදෙනෙක්ද මෙම වයිරස ආසාධිත රෝගීන් හමු වී තිබේ.

Source: SBS News


2 min read

Published

Updated

By Charitha Adikari


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now