"..ඕස්ට්‍රේලියානු මහා මැතිවරණය 2016.." Medicare පෞද්ගලීකරණය පිලිබඳ බොහෝ චන්ද දායකයන්ගේ අවධානය ..

Medicare healthcare cards in Sydney, Wednesday, Jan. 21, 2015. The Federal government has indicated there could be further changes to planned Medicare reforms after dumping a controversial GP rebate. (AAP Image/Joel Carrett) NO ARCHIVING

planned Medicare reforms after dumping a controversial GP rebate. (AAP Image/Joel Carrett) Source: AAP

SBS ආයතනය විසින් Essential Media ආයතනය මගින් සිදු කරන ලද සමීක්ෂයකට අනුව බොහෝ චන්ද දායකයින් Medicare වල වෙනසක් හි පෞද්ගලීකරණය පිළිබඳව අවධානය යොමු කරනවා. එසේ පැවසු පුද්ගලයන් 81% සිටියා.

විපක්ෂ නායක Shorten කියා සිටින්නේ ජුලි 2 මැතිවරණය Medicare වල අනාගතය පිලිබඳ ජනමත විචාරණයක් බවයි. නමුත් අග්‍රාමාත්‍ය Turnbull තමා Medicare විකුණා දැමීමක් සිදු නොකරන බවට පවසා තිබේ. එය කම්කරු පක්ෂය විසින් ජනතාව බිය වද්දීමක් බවයි සන්ධානය පවසන්නේ.

කම්කරු පක්ෂය විසින් digital payments services taskforce නමින් හැදින්වෙන රජය විසින් medicare සේවාවේ තොරතුරු තාක්ෂණ අංශ පෞද්ගලීකරණය කල හැකි බවට පවසා තිබෙනවා. රජය දින 3ක් තිස්සේ කියන්නේ එසේ නොවන බවයි.

කම්කරු පක්ෂය සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කරමින් කියා සිටියේ මෙම ව්‍යාපෘතිය හා පලදායිතා කොමිසමක් පිළිබඳව සලකා බැලීමේදී මෙම මැතිවරණය medicare ජනතා අයිතිය රැක ගැනීමේ ජනමත විචාරණයක් බවයි. නමුත් අග්‍රාමාත්‍යවරයා දැනට මහජන අයිතිය ඇති medicare කිසිදු කොටසක් පෞද්ගලීකරණය නොකරන බවට සිඩ්නි හිදී පවසා සිටියා.

මෙම සමීක්ෂණය අනුව Medicare rebate අගය සීමා කිරීම පිළිබඳව 76%ක් අවධානය යොමු කරන බව පවසා සිටියා. 79% දෙනෙක් පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ මිල පිළිබඳවද අවධානය යොමු කරනවා. 68%ක් nursing home ආයතන හිඟය පිළිබඳවද, 52% ආදායම් වැඩි පුද්ගලයන්ටත් සමාන ලෙස medicare ප්‍රතිලාභ ලැබීම පිළිබඳවද අවධානය යොමු කරනවා.

medicare වෙනස්කම් පිළිබඳව කාන්තාවන් 86%ක් ද පිරිමින් 75% ක් ද අවධානය යොමු කරන බවට පවසා තිබේ. එසේම අවුරුදු 55 වැඩි පුද්ගලයන් 86%ක් ද medicare පිලිබඳ අවධානයෙන් සිටින බව හෙළි වී තිබේ.

 


2 min read

Published

Updated

By Charitha Adikari



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now