ඕස්ට්‍රේලියානු මහා මැතිවරණය 2016 - ප්‍රධාන පක්ෂ නායකයින් කිසිවෙකුත් චන්ද දායකයින් වෙත පෙළඹවීමක් කිරීමට සමත්ව නැහැ - අලුත්ම මත විමසුමකින් හෙළිවෙයි.

Prime Minister and Opposition Leader at the leaders' debate at the National Press Club

Prime Minister and Opposition Leader at the leaders' debate at the National Press Club Source: AAP

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පක්ෂ නායකයින් කිසිවෙකුත් මෙරට චන්ද දායකයින් වෙත පෙළඹවීමක් කිරීමට සමත් නායකයෙකු බවට පත්වීමට හැකියාවක් ලබා නොමැති බව අලුත්ම මත විමසුමකින් හෙළිවෙයි.

SBS ආයතනයේ අධිකාරිත්වය සහිතව සිදුකරනු ලැබූ මෙම මත විමසුම මෙහෙයවනු ලැබූයේ Essential Media නමැති සමික්ෂක කණ්ඩායමක් විසිනි. මත විමසුමට සහභාගිවූ අයගෙන් අඩක පිරිසක් ප්‍රකාශ කොට ඇත්තේ " කියන දේ කරනා " නායකයෙකු හඳුනාගැනීමට අපොහොසත් බවයි. එසේම අනාගතයේදී කුමන පක්ෂයක නායකයෙකු චන්ද දායකයින් ලෙසට තමන් කෙරේ පෙළඹවීමක් ඇතිකරලිමට සමත් අයෙකු වේදැයි විශ්වාශයක් නොමැතිබවද ප්‍රකාශකොට ඇත.

කෙසේවෙතත් මත විමසුමේදී කම්කරු පක්ෂ සහ විපක්ෂ නායක Bill Shorten ට වඩා ඉදිරියෙන් සිටීමට ලිබරල් සන්ධාන නායක, වත්මන් අගමැති Malcolm Turnbull සමත්ව තිබේ. තමන් ගරුකරනු ලබන, නායකත්වයට සුදුසු පක්ෂ නායකයා සම්බන්දයෙන් අසන ලද ප්‍රශ්නය හමුවේ 26% ක් අගමැති Malcolm Turnbull වෙත කැමැත්ත පලකොට ඇති අතර විපක්ෂ නායක Bill Shorten ට කැමැත්ත පලකොට ඇත්තේ 16% ක් පමණි.


Share

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now