වසර 2010 ජුනි 24 වැනිදා ඕස්ට්‍රේලියාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වීමට Julia Gillard ට හැකි වීමත් සමග ඕස්ට්‍රේලියාවේ කාන්තා සමානාත්මතාව පිලිබඳ ක්‍රියාකාරීන් සතුටට පත් වුනා. එසේම ඇය දිවුරුම් දුන්නේ තවත් කාන්තාවක් වූ අග්රාන්ඩුකාර Quentin Bryce ඉදිරියේ ඕස්ට්‍රේලියාවේ 27 වැනි අග්‍රාමාත්‍යවරිය ලෙස , මේ ඕස්ට්‍රේලියානු දේශපාලනයේ කාන්තාවන් පිලිබඳ සටහනක් .
ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ ප්‍රථම කාන්තාව 1921 පත් වුවත්, දිගටම පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය අඩු වුවා. එය පාර්ලිමේන්තුවෙන් 3න් 1ක් වන අතර අමාතය මණ්ඩලයෙන් 5න් 1ක් වනවා.
Julia Gillard සිය ප්‍රතිවාදියාට පාර්ලිමේන්තුවේදී වසර 2012 ඔක්තෝබර් 9 වැනිදා ඔහු ස්ත්‍රී විරෝදී පුද්ගලයෙකු ලෙස පැවසූ කතාව සමාජ වෙබ් අඩවි තුලින් ලෝකය පුරාම පැතිර ගියා.

වත්මන් අග්‍රාමාත්‍යවරයා මැයි මස පාර්ලිමේන්තුව විසිරුවන විට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් 72ක් සිටියා. එය පසුගිය පාර්ලිමේන්තු 4 සාමාන්‍ය අගයටත් වඩා වැඩි අගයක්. (එය නියෝජිතයන් 226 දෙනෙකුගෙන්)
දේශපාලන නායකයන් කාන්තා නියෝජනය පිලිබඳ කෙතරම් පැවසුවද තවමත් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය අඩු වීමක් තිබෙනවා.
ලිබරල් පක්ෂයේ නියෝජ්‍ය නායිකාව හා විදේශ අමාත්‍ය වන්නේ Julie Bishop. ඇය Howard රජය සමයේදීත් අමාත්‍ය ධුරයක් දැරුවා. 1998 දී බටහිර ඕස්ට්‍රේලියාවේ Curtin හි දී පහල මන්ත්‍රණ සභාවට ඇය තේරී පත් වුනා.

Tanya Pilbersek කම්කරු පක්ෂයේ නියෝජ්‍ය නායිකාවයි, වසර 2013 දී පාර්ලිමේන්තුවේ Caucus හමුවකින් පසුව Tanya ඇගේ සංක්‍රමණික පසුබිම සිහි කරමින් නියෝජ්ය විපක්ෂ නායක තනතුර ලබා ගත්තා.

දකුණු ඕස්ට්‍රේලියාවේ කම්කරු පක්ෂයේ සෙනට් සභික Penny Wong සෙනට් සභාවේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩා වලදී සමලිංගික පුද්ගලයනට වන වෙනස්කම් පිලිබඳ පැවැත්වුවා. හිටපු මුල්‍ය අමාත්‍යවරිය වන ඇය සෙනට් සභාවේ නායිකාවයි. ඇය ඇගේ සමලිංගික භාවය පිළිබඳව විවෘතව කතා කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් එක අයෙක්.

Tony Abbot ගේ පාර්ලිමේන්තුවේ Bronwyn Bishop කතා නායිකාව බවට පත් වුවත් ඇගේ චාරිකා සඳහා ගිය වියදම් පිලිබඳ ආන්දෝලනයක් ඇති වුනා. වසර 2015 ජුලි 18 වැනිදා කියා සිටියේ එම ලිබරල් පක්ෂයේ කර්තව්‍යකට ඇයට ගිය වියදම පිළිබඳව දේශපාලනික වශයෙන් බොරු චෝදනා එල්ල කරන නිසා තම පදවියෙන් ඉල්ලා අස් නොවන බවයි. නමුත් ඊට සති 2කට පසුව ඇයට කතා නායක කමින් ඉවත් වන්නට සිදු වුනා.

Pauline Hanson ලිබරල් පක්ෂයට එක වුනේ වසර 1995 දී. එම වසරේ Oxley ආසනයට ඇය නියෝජිතයා බවට පත් වුනා. ඇගේ අදහස් ජාතිවාදී බවට චෝදනා එල්ල වුනා. ඒ නිසා වසර 1996 දී John Howard ගේ අනින් ඇය ලිබරල් පක්ෂයෙන් එම ආසනයෙන් ඉවත් කලත් ඇය ස්වාදීන අපේක්ෂිකාවක ලෙස තරග වැද ජයග්‍රහණය කළා. ස්වාදීන ක අපේක්ෂිකාවක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රණ සභාවට තේරුණු ප්‍රථම කාන්තාව ඇයයි.

Mehreen Faruqi පාකිස්තානයේ ඉපදුන ඕස්ට්‍රේලියානු දේශපාලනයට එක් වූ කාන්තාවක්. ඇය නිව් සවුත් වේල්ස් නීති කවුන්සලයේ ග්‍රීන්ස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරියක් වුනා. ඇය ග්‍රීන්ස් පක්ෂයට එක් වුනේ වසර 2004 දී, 2011 දී නීති මන්ත්‍රණ සභාවටත් , 2012 අතුරු මැතිවරනයටත් ඇය ඉදිරිපත් වුනා. ඇය වසර 2013 දී ඕනෑම ඕස්ට්‍රේලියානු පාර්ලිමෙන්තුවක තේරී පත් වුන ප්‍රථම මුස්ලිම් කාන්තාව ලෙසට ඇය 2013 දී තේරී පත් වුනා. ඒ වන විට නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ කළමනාකාරීත්වය පිලිබඳ පාශ්චාත් උපාධි පාටමාලාවේ සහකාර මහාචාර්ය වරියක ද වුනා. ඇය රැඳවියන් හා පොදු ප්‍රවාහනය පිලිබඳ කරනවා.

1902 දී ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ Commonwealth Franchise Act පනත සම්මත වුනා. එමගින් වයස අවුරුදු 21 හා ඊට වැඩි කාන්තාවන්ට ෆෙඩරල් පාලිමේන්තුව වෙනුවෙන් චන්දය ප්‍රකාශ කිරීමට ඉඩ ලැබුනා, නමුත් එයට ආදිවාසී කාන්තාවන් අයත් වුනේ නැහැ. ආදිවාසි කාන්තාවන්ට චන්ද බලය ලැබුනේ 1962 දී ආදිවාසි පුරිශයින්ද සමගයි. ප්රාන්ත වලින් එම බලය ලැබුනේ 1967 දී.
ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට බටහිර ඕස්ට්‍රේලියානු නීති මන්ත්‍රණ සභාව 1921 දී ජය ගත් ප්‍රථම කාන්තාව Edith Cowan.

Vida Goldstein සෙනට් සභාවට වසර 1903,1910 හා 1917 දී තරඟ කල තවත් කාන්තාවක්.

