මෙවර ඕස්ට්‍රේලියානු මහා මැතිවරණයේදී ළමා සුරැකුම් ප්‍රතිපත්ති වැඩි පුර කතා බහට ලක්වී තිබෙනවා. නමුත් ඒ පිළිබඳව තවත් බොහෝ ප්‍රතිපත්තිමය වෙනසක් අවශ්‍ය බවයි Early Childhood Australia හි ජාතික සභාපති Ros Cornish පවසනවා.
පසුගියදා Galaxy Poll නම් වූ සමීක්ෂණයකදී දෙමාපියන් වැඩි දෙනෙක් ළමා සුරැකුම් සහන සහ මුල් ළමා විය අධ්යාපනය සඳහා සහය දක්වන අපේක්ෂකයන්ට මනාපය දක්වන බව හෙළි වී තිබෙනවා (43%)
පසුගියදා කම්කරු පක්ෂය විසින් මුල් ළමා විය කටයුතු පිලිබඳ ඩොලර් බිලියන 3ක් ප්‍රතිපත්ති ප්‍රකාශයට පත් කලා. එසේම කම්කරු පක්ෂය ළමා සුරැකුම් සහන 15% තෙක් වැඩි කොට එහි සීමාව ඩොලර් 10000ක් දක්වා 2017 ජනවාරි 1 වැනිදා සිට වැඩි කිරීමට ද පොරොන්දු වී තිබේ.
වත්මන් රජය සිය ඩොලර් බිලියන 3ක Jobs for Families Child Care Package නම් ක්‍රමය යටතේ පොදු ළමා සුරැකුම් සහනාධාරයක් මැයි මස අය වැයෙන් ඉදිරිපත් කල අතර එය ක්‍රියාත්මක කිරීම 2018 ජුලි තෙක් කල් දමා තිබෙනවා. Ros Cornish පවසන්නේ ප්‍දැනට ඔස්ට්‍රේලියාව තුල ඇති ළමා සුරැකුම් සේවා පද්ධතිය ඕස්ට්‍රේලියානු පවුල් වලට සරිලන එකක් නොවන බවත්, දීර්ඝ කාලීන සැලසුමක් ඒ සඳහා අවශ්‍ය බවත් දේශපාලකයන් හඳුනා ගත යුතු බවත්. ළමා සුරැකුම් පිලිබඳ වසර ගණනක් පලදායිතා කොමිසම මගින් නිර්දේශ කර ඇත්තේද එයයි
රජය විසින් ඔවුන්ගේ ප්‍රතිපත්ති නිසා අසරණ දරුවන්ට මුල් ළමා විය වර්ධනයට බාධා නොවන ආකාරය පෙන්විය යුතුයි. කම්කරු පක්ෂය සිය යෝජිත සැලැස්ම මීට වඩා පැහැදිලි කල යුතුයි
බොහෝ රැකියා කරන දෙමාපියන් ට ගැටලුව වන්නේ විධිමත් ළමා සුරැකුම් මධ්‍යස්ථාන සොයා ගැනීමට ඇති අපහසුවයි . එය නගර වල විශාල ගැටළුවක් වුවත් , නමුත් ප්‍රදෙශියව අවශ්‍ය තරම් මධ්‍යස්ථාන වල දරුවන් හිඟයක්ද පවතිනවා.
දරුවන්ගේ වර්ධනය සිදුවන මුල් අවදියේම විධිමත් ලෙස මෙම සේවා ලබා දීමෙන් දරුවන්ගේ අනාගත අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට උදව් ලබා දෙනවා. එමගින් අනාගත වියදම් අවම කර ගත හැකියි.
ඒ නිසයි Early Childhood Australia සංවිදානය ප්‍රධාන පක්ෂ විසින් මුල් ළමා විය වර්ධනය පිලිබඳ අවධානය යොමු කරනවා දැකීමට කැමැත්තක් දක්වන්නේ.

